spot_img
spot_imgspot_img

ගාල්ලේ කාබනික පොහොර අවශ්‍යතාව ගැන තොරතුරු නෑ. වගාකරුවන් සහ නිලධාරින් අමාරුවේ

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුකරනු ලබන විවිධ වගාවන් සඳහා අවශ්‍යකරනු ලබන කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳ නිශ්චිත තොරතුරු නැතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.ඩී.ඒ.දීගොඩ ගමගේ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී අදහස් දක්වමිනි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.

එහි දී දීගොඩ ගමගේ වැඩිදුරටත් මෙසේ ද කීවේය

“ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොර භාවිතය පිළිබඳ බැලීමේ දී අවශ්‍යකරනු ලබන රසායනික පොහොර ප්‍රමාණයන් පිළිබඳ නිශ්චිත තොරතුරු තිබෙනවා. නමුත් අපිට කාබනික පොහොර කොපමණ අවශ්‍ය වෙනවා ද කියා තොරතුරු නැහැ. මේ දත්ත පැහැදිලි නැහැ. අදාල තාක්ෂණික ආයතන සමඟ සම්බන්ධ වෙලා වී වගාවේ අවශ්‍යතාව ඉදිරියේ දී සකස් කරන්න පුළුවන්.”

ගාල්ල දිස්ත්‍රික්කයේ මහ කන්නයේ දී හෙක්ටයාර 14,000ක් වී වගා කරනු ලබන අතර යල කන්නයේ දී වගාකරනු ලබන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 11,000කි. තේ වගාව සිදුකරනු ලබන භූමි ප්‍රමාණය හෙක්ටයාර 34,000ක් වන අතර කුරුඳු වගාව සඳහා හෙක්ටයාර 11,800ක් භාවිතා කරයි. හෙක්ටයාර 2,200ක පමණ එළවළු වගාකරන අතර ගම්මිරිස් වගාව හෙක්ටයාර 656ක සහ පළතුරු වගාව හෙක්ටයාර 430ක සිදුකරයි.

සහකාර අධ්‍යක්ෂ දීගොඩ ගමගේ පවසන්නේ මේ වගාවන් සඳහා ප්‍රමාණවත් කාබනික පොහොර නිෂ්පාදනක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් සපයාගත නොහැකි වී ඇති බවයි. කෙසේ වෙතත් කාබනික පොහොර අවශ්‍යතාව කොතරම් ද යන්න පිළිබඳ නිවැරදි තොරතුරු නොමැතිවීම ද බරපතල ගැටලුවක් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!