spot_img
spot_imgspot_img

LPL කණ්ඩායම් කිහිපයක ම වෙනස්කම් සිදුකරයි

පුවත්

විදෙස්

 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචිය අද (21) ආරම්භ වෙයි. Online ක්‍රමයට ක්‍රීඩකයන්ට ලබන 27 වැනි දා දහවල් 12.00 දක්වා ලියාපදිංචි වීමේ අවස්ථාවව හිමිව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ජාතික කණ්ඩායම් නියෝජනය කර ඇති හේ පළමු පෙළ තරඟ ක්‍රීඩාකර ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට සහ විදේශීය ක්‍රීඩකයන්ට මේ සඳහා අවස්ථාව පවතින බවයි.

මෙවර තරඟාවලියට කණ්ඩායම් 05ක් එක්වන අතර ප්‍රධාන කණ්ඩායම්වල වෙනස්කම් කිහිපයක් ද සිදුකර තිබේ. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරා මෙවර කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම්කර තිබේ.

දඹුල්ල වයිකින් කණ්ඩායමේ සිටි නිරෝෂන් දික්වැල්ල කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර ඇත. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ධනුෂ්ක ගුණතිලකට කටයුතු කරන අතර දසුන් ශානක දඹුල්ල වයිකින් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත්, වනිඳු හසරංග ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත් නම්කර තිබේ.

මෛවර තරඟාවලියේ දී ද ප්‍රධාන ක්‍රීඩකයකු සඳහා ඇමෙරිකානු ඩොලර් 60,000ක වටිනාකමක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන ජූලි 29 සිට අගෝස්තු 22 දක්වා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!