spot_img
spot_imgspot_img

HNB FINANCE ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතරට

පුවත්

විදෙස්

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සන්නාම අතරට HNB FINANCE PLC එක්විය. LMD සඟරාව සහ Brand Finance ආයතනය මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කිරීමේ දී තම ශක්තිමත් වර්ධනය යළිත් අවධාරණය කරමින් HNB FINANCE PLC එම තත්ත්වයට පත්ව තිබේ. මෙරට නිකුත් කර ඇත්තේ LMD Brands Annual 18 වැනි ප්‍රකාශනයයි.

Brand Finance ආයතනය ලෝකයේ පාරිභෝගික සන්නාම තක්සේරුකරණයෙහි සහ උපායමාර්ගික ප්‍රවේශයක් ලබාදෙන ප්‍රධාන ආයතනයකි. කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සන්නාම අතරින් වඩාත් වටිනා පාරිභෝගික සන්නාමය තෝරාගැනීම සඳහා ස්වාධීන විගණනයක් සහ මෙම සන්නාමයට අදාළ පාරිභෝගික හැසිරීම, මූල්‍ය කාර්ය සාධනය සහ ලබාගත හැකි මූල්‍ය තොරතුරු සම්බන්ධයෙන් සිදුකරන සමීක්ෂණයක් භාවිතා වේ. මෙය සිදුකරන්නේ Brand Finance විසිනි.

එහිි දී එක් එක් සන්නාමයට අදාළව ඔවුන්ගේ මූල්‍ය ශක්තිය, ව්‍යාපාරයන්ග් තිරසර බව සහ ඉදිරි ආර්ථික දැක්ම සහ ලබාගෙන ඇති ඇගයීම් හා සම්මාන මෙහි දී සළකා බැලයි.

පසුගිය දා ප්‍රකාශයට පත් කළ LMD Brands Annual ප්‍රකාශනයෙහි සඳහන් කර ඇති වටිනාම පාරිභෝගික සන්නාම අතරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය නියෝජනය කරමින් HNB FINANCE PLC එම ලේඛනයට ඇතුළත්ව තිබේ.

HNB FINANCE සන්නාමයෙහි වටිනාකම රුපියල් මිලියන 1819ක් ලෙස තක්සේරුකරණය කර ඇති අතර සමාගම වර්තමානයේ දී AA-, ණය ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.  HNB FINANCE PLC සමාගම මෙම ලේඛනයට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙයයි.

LMD Brand Finance වටිනාම පාරිභෝගික සම්මාන අතරට එක්වීමට ලැබීම ඕනෑම සමාගමක් ලබන සුවිශේෂී සන්ධිස්ථානයකි. HNB FINANCE මෙවැනි වර්ධනයක් අත්පත් කරගත්තේ වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක වීම එම තත්ත්වයට පත්වීමේ වැදගත්කම තවත් වැඩි කරන කාරණයකි.

HNB FINANCE කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මෙසේ කීවේය.   

“කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව පුරාත් සමස්ත ලෝකයේම ව්‍යාප්ත වී ඇති අවස්ථාවක මූල්‍ය සමාගමක් ලෙස HNB FINANCE සිය වගකීම මනාව ඉටුකරමින් තමන්ගේ පාරිභෝගිකයන්, කොටස් හිමියන් ඇතුළු මෙරට ආර්ථික වර්ධනයට අඛණ්ඩ දායකත්වයක් ලබාදෙමින් සහ සවිබල ගන්වමින් දැඩි කැපවීමකින් කටයුතු කර ඇති බව මෙම සුවිශේෂී ඇගයීම මඟින් පිළිබිඹු වනවා. HNB FINANCE හි සමස්ත සේවක මණ්ඩලය අපගේ සන්නාමය ශක්තිමත් සහ ස්ථාවර ලෙස පවත්වාගෙන යාමට අභියෝගාත්මක වෙළෙඳ පොළ පරිසරයක දී පවා දැඩි කැපවීමකින් කටයුතු කළා. එමගින් අපගේ මූල්‍ය සේවාවන් තුළින් පාරිභෝගිකයන්ට ලබාදිය හැකි උපරිම සේවාවන් සැළසීමත් HNB FINANCE සන්නාමය ශක්තිමත් කිරීමට අඛණ්ඩව කටයුතු කිරීමත් මෙම ජයග්‍රහණය සඳහා ප්‍රධානම සාධක වූ බව මගේ විශ්වාසයයි.”

2000 වර්ෂයේ දී ස්ථාපිත කරන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන “ AA-, (lka)” ශ්‍රේණිගතකරණය ද HNB FINANCE PLC විසින් හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාව පුරා ශාඛා 60ක් සහ සේවා මධ්‍යස්ථාන 10ක් ස්ථාපිත කර ඇති HNB FINANCE PLC සමාගම විසින් සපයනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය ණය (SME), ලීසිං පහසුකම්, රන් ණය, නිවසා ණය, පුද්ගලික ණය පහසුකම්, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප්‍රමුඛ වෙයි.

HNB FINANCE කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!