spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළේ වේගවත් වර්ධනක්

පුවත්

විදෙස්

කොළඹ කොස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය අද (18) ඒකක 56කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7720ක් බවට පත්විය.

අද වෙළෙඳ පොළ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 2.33ක් වේ. මිල ගණන් ඉහළයාම කෙරෙහි වැඩි වශයෙන් දායක වූ සමාගම් අතර LOLC සමාගම රුපියල් මිලියන 508යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 217යි, ඩිප්ට්ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 191යි වශයෙන් හැඳින්විය හැකිය. දිනයේ වැඩි වශයෙන් ගනුදෙනු වූ සමාගම් ලෙස ද මෙම සමාගම් කැපී පෙණිනි.

විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 37ක කොටස් මිල දී ගත් අතර එක්ස්පෝ ලංකා සමාගම මිලියන 05යි, ඩිප්ට්ප්‍රඩක්ට් සමාගම මිලියන 04යි, වින්ෆෝර්ස් සමාගම මිලියන 04ක් වශයෙන් ඒ අතර ප්‍රධාන විය.

විදේශ ආයෝජකයන් රුපියල් මිලයන 100ක කොටස් විකුණා ඇති අතර පීපල්ස් ලීසිං සමාගම මිලියන 35යි, LOLC සමාගම මිලියන 23යි, එල්ජී ෆිනෑන්ස් සමාගම මිලියන 10යි වශයෙන් එළෙස කොටස් විකුණූ සමාගම් අතර කැපී පෙණිනි.

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය සීඝ්‍ර ලෙස ඉහළ යන බැවින් මේ ප්‍රවණතාව තව දින කිහිපයක් පැවතුණහොත් ඉතා කෙටි කාලයක් තුළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා පළ වී තිබේ.

කො‍ටස් මිල ගණන් ඉහළයාම කෙරෙහි බලපා ඇති ප්‍රධාන කරුණු වශයෙන් සමාගම් විගණන වාර්තාවල අධික ලාභ ලැබීම හා ලාභාංශ නිකුත් කිරීම, ස්ථාවර තැන්පතු කෙරෙහි ලබාදෙන පොළිය දිගින් දිගටම අඩු කිරීම ආනයන සීමාවන් හේතුවෙන් එම ව්‍යාපාරවල නිරත වූ ව්‍යාපාරිකයන් තම මුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම සහ ඉදිරියේ දී රැස්වීමට නියමිත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් තවදුරටත් පොළී අනුපාතිකය අඩුකරනු ඇතැයි යන විශ්වාසයන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!