spot_img
spot_imgspot_img

බොරු පැමිණිලි කළ දොස්තරලා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක්

පුවත්

විදෙස්

මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කරමින් ‍වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිලි 11 හිතාමතා සංවිධානාත්මකව සිදුකරන ලද ව්‍යාජ පැමිණිලි බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙසත් ඉල්ලා rata.lk අප අද (18) ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් බව කියාගන්නා වෛද්‍යවරුන් 11 දෙනකු විසින් පැමිණිලි 11ක් සටහන් කරමින් කියා තිබුණේ rata.lk වෙබ් අඩවියේ පළ වූ ලිපියක් මගින් ඔවුන්ට රාජාකරී සඳහා අධෛර්යමත් වී ඇති බවයි. එමගින් අප දණ්ඩනීති සංග්‍රහයේ 263 වැනි වගන්තිය හා නිරෝධායන පනතේ 04 වැනි වගන්තිය අනුව වරදක් කර ඇති බැවින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුන් පොලිසියෙන් ඉල්ලා තිබිණි.

මේ සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කිරීමේ දී එම වෛද්‍යවරු 11 දෙනා එකම ආකාරයේ පැමිණිල්ලක් වෙනත් කොළයක මුද්‍රණය කර ගෙන විත් වෙන වෙනම පොලිස් පැමිණිලි පොතේ අලවා ඇති බවත්, මෙය සංවිධානාත්මකව කරන ලද ක්‍රියාවක් බවත් අවබෝධ විය.

‍පසුගිය කාලයේ දී ඇතැම් වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් කරන ලද ඇතැම් කාර්යයන් පිළිබඳ කරන ද හෙළිදරව්කිරීම් සහ උණවටුනේ දී බස්නාහිර පළාතේ පිරිසකට එන්නත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අප කරන ලද අනාවරණය හේතුවෙන් ඔවුන් මෙලෙස පැමිණිලි කරන්නට ඇතැයි අපගේ විශ්වාසයයි.

මාධ්‍යවේදීන් ලෙස අප සතු තොරතුරු දැනගැනීමේ හා ඒවා ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම ද ජනතාවට ඇති තොරතුරු දැනැගැනීමේ අයිතිවාසිකම ද අභියෝගයට ලක්කරමින් වෛද්‍යවරුන් විසින් කර ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලකි.

එමෙන් ම ඔවුන් මාධ්‍ය නිදහසට පොලිසිය යොදවා බලපෑම් කිරීමට වක්‍රාකාරයෙන් උත්සාහ ගන්නා බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකමක් අහිමිකරීමට ඔවුන් තැත්කරන බවත් පවසමින් අපි ඔවුන්ට ‍එරෙහිව අද (18) ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කළෙමු.

එම පැමිණිල්ල අනුව අප ඉල්ලා සිටින්නේ මේ වෛද්‍යවරුන් අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කරමින් දණ්ඩනීති සංග්‍රහයේ 188 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි. එබැවින් ඔවුන් 11 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අපි පැමිණිල්ලේ සටහන් කළෙමු.

පහත නම් සඳහන් වෛද්‍යවරු 11 දෙනාට එරෙහිව එම පැමිණිල්ල සටහන් කර ඇත.

ජයවික්‍රම කංකානම්ගේ අසංක ප්‍රගීත් වාසනා ජයවික්‍රම

කොඩිකාරගේ කමල් ප්‍රියන්ත කොඩිකාර

නයිදූව හන්දි කේසර දුලාන් කුමාර

සෝලංග ආරච්චිගේ දොන් තුෂරු මධුෂාන් සෝලංග

රජගල්ගොඩ ගමගේ සුධීර ලක්ප්‍රිය

රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ උභය කුමාර බණ්ඩාර වරකාගොඩ

පොල්වත්ත ලියනගේ ලහිරු සසංක

දහනායක යාපා දිනේෂ් චතුරංග

විජේසූරිය එරාපති නාත් විජේසූරිය

කොස්වත්තගේ ජූඩ් හර්ෂාන් සාරංග පෙරේරා

අමරකෝන් මුදියන්සේලාගේ තරිඳු තරංග විජේරත්න

1 COMMENT

  1. වෛද්‍ය වරුන් නොව ඕනෑම තරාතිරමක පුද්ගලයකුට ලංකාවේ භාවිතා නීතිය එක සමාන බැවින් මෙම පැමිණිල්ල සම්බන්දයෙන් පොලිසිය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබද අපි අවධානයෙන් සිටිමු. සමාජයේ මිහිපිට දෙවිවරුන් ලෙස ගරුත්වයෙන් සලකන සේවාවක්‌ මෙවැනි පුද්ගලයින් නිසා නිගාවට පත්වන බැවින් බුද්ධිමත් නිලධාරීන් සමස්ථ සමාජය මෙම අගතිගාමී පිරිස ගැන අවධානයෙන් සිටින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!