spot_img
spot_imgspot_img

විපතට පත් කාන්තාවන් වෙනුවෙන් Eva – Red cross එක්වෙයි

පුවත්

විදෙස්

පසුගිය දා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ කාන්තාවන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා බෙදාහැරීම ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් සිදුකරන අතර ඒ සඳහා ඊවා සිය දායකත්වය ලබා දී ඇත.

සනීපාරක්ෂක තුවා අතර ඉතා ප්‍රකට සන්නාමයක් වන ඊවා, රතුකුරුස සමාජයේ මෙම සමාජ සත්කාර වැඩසටනට සනීපාරක්ෂක තුවා 50,000ක් පරිත්‍යාග කළේය.

ICL Brands සමාගමේ Eva කළමනාකාරීත්වය විසින් පසුගියදා රතු කුරුස සමාජ මූලස්ථානයේදී එහි  නියෝජත පිරිස වෙත ප්‍රදානය කරනු ලැබිණි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති රුක්ෂාන් පීරිස් මෙසේ කීවේය.

 “කොරෝනා වසංගතය අතරතුර අයහපත් කාලගුණ හේතුවෙන් ඇති වූ ආපදා තත්වයේ දී බොහෝ දෙනකු දැඩි අසීරුතාවකට පත්වුණා. තමන්ගේ ආදායම් මාර්ග අවහිර වී සිටින මොහොතක දී මේ නිසා ලැබුණේ ඉතා අමිහිරි අත්දැකීමක්. උපකාර අවශ්‍යම අවස්ථාවේ දී නොපැකිළව ඉදිරිපත් වෙමින් අපට සහය වීම පිළිබඳව ICL Brands සමාගමටත් Eva සන්නාමයටත් අපි ස්තූතිවන්ත වෙනවා”.

Eva පරිත්‍යාග කොළඹ, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල විපතට ජනතාව අතර බෙදා හැරීමට රතුකුරුස සංවිධානය කටයුතු යොදා ඇත. රතු කුරුස සමාජයේ දිස්ත්‍රික් ශාඛාවන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීවරුන්ගේ සහය ඇතිව ආධාර අවශ්‍යම ජනතාව වෙත ක්‍රමවත්ව මෙම ආධාර බෙදා හැරීම සිදු කරනු ඇත.

ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මෙසේ පැවසුවාය 

“මෙවර කොරෝනා වසංගතය සමඟ පැමිණි ආපදා තත්ත්වය කාන්තාවන්ට ඉතාමත් දුෂ්කර තත්ත්වයක් වුණා. එක පැත්තකින් වසංගතයත් තවත් විදියකින් ස්වභාවික ආපදාවත් සම්මිශ්‍රනයකට මුහුණ දීමට සිදු වීම, විශේෂයෙන්ම ඇගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන්, ඉතාම අසීරු තත්ත්වයක්. අපේ රටේ කාන්තාවන්ගේ හදවත්වලට සමීපතම සන්නාමයක් වශයෙන් Eva  උපකාර අවැසි අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඉතාම සතුටින්. වෙනදා වගේම මේ අසීරු අවස්ථාවේදී පවා නොවෙනස්ව ඔවුන්ගේ ජීවිතයේ කොටසක් වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අපි ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට ස්තූතිවන්ත වෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!