spot_img
spot_imgspot_img

සංචරණ සීමා කාලයේ අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ නව ගැසට් නිවේදනයක්

පුවත්

විදෙස්

වසංගතය මර්ධනය සඳහා සංචරණ සීමා පනවා ඇති කාලයේ දී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් නිකුත්කර ඇති මෙම නිවේදනයේ මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණ 10ක් ඇත.

වරාය, ඉන්ධන සැපයුම සහ බෙදාහැරීම, රේගු ආඥා පනතට අනුව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලු සේවාවන් ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම මගී ප්‍රවාහනය සඳහා ගමනාගමන මණ්ඩලය විසින් සිදුකරන සියලුම ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කළ යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

එමෙන්ම ඒවාට අවශ්‍ය නඩත්තුව සහ ආරක්ෂාව සඳහා අවශ්‍ය සේවාවන් ද පවත්වාගෙන යා යුතුය.

සියළුම බැංකු, රක්ෂණ සේවාවන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු පරිපාලන ඒකක ද මෙම නිවේදනයේ දක්වා තිබේ.

අත්‍යාවශ්‍ය ආහාර සපයන සතොස ඇතුළු සමූපකාර සේවාවන් ද ඇතුළත්ය. ආර්ථික මධ්‍යස්ථාන ද ඒ අනුව අද (18) සිට දින තුනක් විවෘතව තැබෙනු ඇත.

ජංගම රථ මගින් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය විකිණීම් කරන සියලු දෙනා ද මිල දර්ශන ප්‍රදර්ශනය කළ යුතු බව එහි සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!