spot_img
spot_imgspot_img

සමාජ මාධ්‍යයෙන් රජය පෙරැළීමට හැදුවායැයි කී තරුණයා ඇපමත මුදාහරී

පුවත්

විදෙස්

සමාජ මාධ්‍ය යොදා ගනිමින් රජය පෙරැළීමට කුම්නත්‍රණය කරමින් අසත්‍ය තොරුතුරු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් අද (17) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ගාල්ල තොටගොඩ පදිංචි 28 හැවිරිදි තරුණයකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්  හර්ෂණ කැකුණාවෙළ නියෝග කළේය.

සුමුදු වෛද්‍යරත්න නමැති එම තරුණයාට සෑම මාසයකම අවසන් ඉරුදින ගාල්ල මූලස්ථාන පොලිසියේ පෙනී සිටින ලෙසත්, මින් ඉදිරියට එම සමාජ මාධ්‍ය යොදා ගනිමින් පරීක්ෂණවලට බාධාවන ‍කාර්යයන් හි නිරත නොවන ලෙසටත් අවවාද කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාපර්ත‍මේන්තුවේ වෝහාරික අපරාධ අංශය විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහි දී අපරාධ පරීක්ෂණ පෙපදාපර්තමේන්තුවේ නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටියේ මෙම තැනැත්තා විසින් පවත්වාගෙන යන Facebook පිටුවක් මගින් රජය අපහසුතාවට පත්කිරීමේ හා රජය පෙරැළීමේ කුමන්ත්‍රණයක් කිරීමට කටයුතු කර ඇති බවයි.

X-Press Pearl නෞකාව ගිනිබත් කිරීමේ කටයුත්ත රජය විසින් සංවිධානාත්මකව සිදුකරන ලද බවත් නැවේ ගිල්ලුවේ අපි යනුවෙන් ප්‍රචාරය කර මහජනතාව කෙරෙහි අපරාධයක් සහ කෝපයක් පළකිරීමට කටයුතු කළ බවත් ඔවුන් මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය අනුව සහ පරිගණක අපරාධ නීතිය අනුව කරුණු වාර්තාකරන බවත් මෙම සැකකරු සම්බන්ධ පරීක්ෂණ අවසන් නොමැති බැවින් ඔහුගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගත් බවත් සාක්ෂි ප්‍රකාශ සටහන් කිරීමට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන ලදී. ඒ අනුව මෙම සැකකරු පරීක්ෂණවලට බලපෑම් කළ හැකි බැවින් ද මහජන කැළඹීක් ඇතිවිය හැකි බැවින් ද සැකකරු දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ද පැමිණිල්ල විසින් ඉල්ලා සිටින ලදී.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන විශ්වනාත් අරඹේවෙල සහ රජින්ද්‍ර නාරංගොඩ දෙදෙනා කරුණු දක්වමින් මෙම සැකකරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවට අනුව පුද්ගලිකව තම අදහස් ද්කවා ඇති බවත් භාෂණයේ නිදහස ඔහුට හිමි බවත් කියා සිටියේය. එමෙන්ම කිසිදු අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කර නැති බවත් මේ දිනවල කතාබහට ලක්වන නැව ගිනිබත් වීමේ සිද්ධිය හා කොරෝනා වසංගතය ගැන ඔහු අදහස් දක්වා ඇති බවත් කීහ.

ඔහුගේ අදහස් පළකිරීම ජාතික ආරක්ෂාවට බලපාන කරුණු දැක්වීමක් නොවන බව ද ඔවුන් විසින් සඳහන් කරන ලදී.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙළ සැකකරු ඇපමත මුදාහැරීමට කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!