spot_img
spot_imgspot_img

කොළඹ කොටස් වෙළෙඳ පොළ ලෝකයේ දෙවැනි තැන දක්වා ඉහළ නගී

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය අද (16) දිනයේ දී ඒකක 35.66ක් ඉහළ ගිය එය 7641ක් බවට පත්විය.

දිනයේ වෙළෙඳ පොළ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 2.715කි. දිනයේ වැඩි වශයෙන් ගනුදෙනු වූ කොටස් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලයන 692ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 385ක්, LOLC සමාගම රුපියල් මිලයන 283ක් ලෙස කොටස් හුවමාරු වන ලදී.

දිනයේ වැඩි වශයෙන් කොටස් මිල ඉහළගිය සමාගම් අතර බ්ලූ ඩයමන් සමාගම, LOLC Development සමාගම, සහ සිංහපුත්‍ර සමාගම අනුපිළිවෙලින් සටහන් වූ අතර දිනයේ වැඩි වශයෙන් මිල ගණන් පහළ ගිය සමාගම් අතර ටැන්ජරීන් හෝටල් සමාගම, සිංගර් සිලෝන් සමාගම සහ ලයිට්හවුස් හෝටල් සමාගම දක්නට ලැබිණි.

අද දිනයේ විදේශ ආයෝජකයන්, රුපියල් මිලියන 348ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 503ක කොටස් විකුණා ඇත. ඒ අනුව විදේශ ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 155ක කොටස් ඉවත් කරගෙන තිබේ.

විදේශ ආයෝජකයන් විසින් මිල දී ගත් කොටස් අතර ටෝකියෝ සමාගමේ කොටස් රුපියල් මිලියන 14යි, එක්ස්පෝ ලංකා රුපියල් මිලියන 5.7යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 4.1ක් වශයෙන් ද දැක්විය හැකිය. විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 96ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 67ක්, LOLC සමාගම රුපියල් මිලියන 17ක් ලෙස දැකිය හැකිවිය.

2021 වර්ෂයේ අද දිනය දක්වා ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල් අතුරින් මෙතෙක් වැඩිම වර්ධනයක් හිමිකරගත් කොටස් තුන්වැනි වෙළෙඳ පොළ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ වාර්තා වී තිබූ අතර අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ලෝකයේ වැඩිම වර්ධනයක් සහිත කොටස් වෙළෙඳ පොළ අතුරින් 2021 වර්ෂය සඳහා දෙවැනි ස්ථානයට පත්විය.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය 14.88%ක වර්ධනයක් හිමිකරගත් එම්එස්සීඅයි ප්‍රොන්ටෙයර් කොටස් වෙළෙඳ පොළද, 12.8ක වර්ධනයක් හිමිකරගත් කොළඹ කොටස් වෙළෙඳ පොළ දෙවැනි ස්ථානයේ ද 12.79%ක වර්ධනයක් හිමිකරගත් නිව්යෝර්ක් කොටස් වෙළෙඳ පොළ තුන්වැනි ස්ථානයට පත්ව ඇත.

ඉන් අනතුරුව ලෝකයේ වැඩිම වර්ධනයක් සහිත කොටස් වෙළෙඳ පොළ අතුරින් සිංගප්පූරු කොටස් වෙළෙඳ පොළ 10.4% ද, ඉන්දියාවේ බොම්බේ කොටස් වෙළෙද පොළ 9.95% ද, ලන්ඩන් කොටස් වෙළෙඳ පොළ 9

.41% ක් ද ඉන් අනතුරුව පිළිවෙලින් ටෝකියෝ කොටස් වෙළෙද පොළ, එම්.එස්.සී.අයි එමර්ජින් කොටස් වෙළෙද පොළ, හොංකොං කොටස් වෙළෙඳ පොළ, ජකර්තා කොටස් වෙළෙඳ පොළ සහ වර්ධන ලැයිස්තුවේ අවසානයට චීනයේ ෂැංහායි කොටස් වෙළෙඳ පොළ පත්ව ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!