spot_img
spot_imgspot_img

GMOA දොස්තරලාගෙන් පොලිසියට පැමිණිලි පිට පැමිණිලි. rata.lk මර්ධනයට උත්සාහයක්

පුවත්

විදෙස්

rata.lk පළ කර ඇති පුවතක් හේතුවෙන්, රාජකාරී කිරීමේ දී තමන් අධෛර්යමත් වී ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සාමාජික වෛද්‍යවරු පිරිසක් අප වෙබ් අඩවියට එරෙහිව ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.

මේ පැමිණිලි අනුව ප්‍රකාශයක් ගැනීම සඳහා බව සඳහන් කරමින් පහසු අවස්ථාවක පොලිසියට එන ලෙස දැනුම් දුන් ගාල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරු 11 දෙනකු විසින් එකම හේතු සඳහන් කරමින් වෙන වෙන ම පැමිණිලි 11ක් පසුගිය 14 වැනි දින සිදුකර ඇති බවයි.

ඒ අනුව ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් අප කැඳවා තිබේ. පැමිණිල්ල ඉදිරිපත් කළ වෛද්‍යවරු අපගේ ප්‍රකාශය සටහන් කරගන්නා අවස්ථාවට නොකැඳවන බව ද අපගේ ප්‍රකාශය අනුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව ද පොලිසිය කියයි.

වෛද්‍යවරුන් විසින් කරන ලදැයි කියන පැමිණිල්ල පිළිබඳ විස්තර විමසීමේ දී පොලිසිය කියා සිටියේ එම වෛද්‍යවරු කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් සහය මධ්‍යස්ථානයේ (Covid support centre) කරනු ලබන රාජකාරී විවේචනය කරමින් ඔවුන් අධෛර්යමත් වන පරිදි ලිපියක් ප්‍රකාශයට පත්කර ඇතිබවට එම ‍වෛද්‍යවරුන් 11 දෙනා විසින් පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි.

rata.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර ඇති ලිපිය දණ්ඩ නීති සංග්‍රහයේ 263 වැනි වගන්තිය ප්‍රකාරව ජීවිතයකට අන්තරාදායක වූ රෝගයක් බෝවීම, පැතිරවීය හැකි ද්වේශසහගත ක්‍රියාවක් ලෙස සැළකිය හැකි බැවින් ද නි‍රෝධානයන ආඥා පනතේ රෙගුලාසි උල්ලංඝනය කරමින් එහි 04 වැනි වගන්තිය ප්‍රකාරව rata.lk වෙබ් අඩවිය දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් සුදුසු විමර්ශනයක් කර අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද rata.lk වෙබ් අඩවියේ පළවූ ලිපිය සම්න්ධයෙන් අපට එරෙහිව වෙන වෙනම පැමිණිලි කර ඇති වෛද්‍යවරු 11 දෙනා විසින් සඳහන් කර තිබේ.

පොලිසිය පවසන පරිදි එම පැමිණිළි 11 සිදුකර ඇත්තේ පහත නම් සඳහන් වෛද්‍යවරු විසිනි.

  • ප්‍රගීත් ජයවික්‍රම
  • ආර්.එන්.ඒ.එම්.කේ.යූ.පී.වරකාගොඩ
  • කේ.කේ.පී.කොඩිකාර
  • එන්.එච්.කේ.ඩී.කුමාර
  • එස්.ඒ.ඩී.ටී.එම්.සෝලංග
  • බී.සී.ඩී.යාපා
  • ආර්.ජී.එස්.ලක්ප්‍රිය
  • ඒ.එම්.පී.ටී.විජේරත්න
  • ඩබ්ලිව්.අයි.එන්.විජේසූරිය
  • සාරංග පෙරේරා
  • ලහිරු සසංක ලියනගේ

පොලිසියේ කැඳවීම අනුව අප ගාල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට ගොස් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපගේ පාඨකයන්ගේ දැනගැනීම පිණිස වැඩි විස්තර ඉදිරියේ දී පළකරන බව දන්වා සිටිමු.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු 11 දෙනකු විසින් තනි තනි වශයෙන් පැමිණිළි කිරීමට හේතුවී ඇති ලිපිය ඔවුන් විසින් පොදුවේ පොලිස් පැමිණිළි පොතට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

ඔවුන්ගේ පැමිණිලිවලට හේතුවූ ලිපිය පාඨක ඔබගේ දැනගැනීම පිණිස පහතින් සඳහන් කර ඇත.

1 COMMENT

  1. මේව අරුම පුදුම වැඩ. රට හෙලිකල ඇතැම් තොරතුරු නොවන්නට රටක් නැතිවන වැඩත් සිදු උනා. මෙහෙම ගියොත් මාධ්‍ය ආයතන ටික ඉවරායි. ජනතාවත් ඉවරායි. ජනපතිඳුත් ඉවරෙටම ඉවර වේවි. හනේ හපොයි………….මාධ්‍යයට ගරහන විට මාධ්‍යය එකතු වී කල යුතු දේ කල යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!