spot_img
spot_imgspot_img

පාසල් විවෘතකිරීමේ උත්සාහය ගැන අධ්‍යාපන ඇමති කියයි

පුවත්

විදෙස්

හැකි ඉක්මණින් පාසල් යළිි විවෘත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.

මේ සඳහා පියවර කිහිපයක් අනුගමනය කළ යුතුව ඇති බවත් ප්‍රථම පියවර වන්නේ එන්නත්කරණය බවත් ‍අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. ඔහු පවස්නේ මේ සදහා දළ වශයෙන් එන්නත් 279,020ක් අවශ්‍ය බවයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂඥ වෛද්‍යවරු සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අවසන්කර අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ එම අදහස් දැක්වීය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“පාසල් වසා දමා ඇති කාලයේ දී දරුවන්ට සිදුවන පාඩුව අවමකර ගැනීමට Online වැඩසටන් කරගෙන ගියා. ඊ තක්සලාව, ගුරුගෙදර වැනි වැඩසටහන් රාශියක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දියත් කර තිබෙනවා. නමුත් දුරස්ථ අධ්‍යාපනය පන්තිකාමරයේ දී ළමයා සහ ගුරුවරයා අතර සිදුකරන අධ්‍යාපනය තරම් සාර්ථක වන්නේ නැහැ. පාසල් විවෘත කළ යුතුයි. නමුත් මේ සඳහා තීරණය ගත යුත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පමණයක් යැයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.”

අමාත්‍යවරයා පවසන්නේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා එන්නත් 279,020ක් දළ වශයෙන් අවශ්‍ය වන බවයි. එලෙස එන්නත් ලබාදීමෙන් ගුරුවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වගේම දෙමාපියන් තුළ විශ්වාසය ගොඩනැගීමට ද හැකිවන බවයි. ඉක්මණින් පාසල් විවෘත කිරීම වගේම පාසල් සිසුන් සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම පිළිබඳ ව ද අවධානය යොමුව ඇතැයි අමාත්‍යවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!