spot_img
spot_imgspot_img

බෝපේ පෝද්දල එජාප මන්ත්‍රීට ධූරය අහිමිවෙයි

පුවත්

විදෙස්

බො‍පේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ මෙහොමඩ් නයීම් හුසෙයින් කියාස් එම සභාවේ සභික ධූරය අතහැර ඇතැයි ගාල්ල දිස්ත්‍රික්යේ තේරීම්භාර නිලධාරී කේ.යූ.චන්ද්‍රලාල් විසින් ගැසට්කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 10අ(1)(අ) වගන්තිය යටතේ මෙම ගැසට් නිවේදනය පළකරමින් කියා ඇත්තේ එම හුසේන් කියාස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකුව සිටීම අතහැර ඇති බැවින් ඔහුගේ සභික ධූරය ද අතහැර ඇති බවයි.

හුසෙයින් කියාස් පසුගිය මහා මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළේය. එලෙස මහ මැතිවරණයට තරඟකරන විටත් ඔහු බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස  කටයුතු කළේය.

2002 වර්ෂයේ දී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පළමුවරට පත්වූ කියාස් ඉන් පසු එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත්ව අඛණ්ඩව එම සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය

ඔහුගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රීධූරයට මෙතෙක් කිසිවෙකු පත්කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!