spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වය භයානකයි. තව රැල්ලක් ආවොත් විනාශයක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව දැනට කොරෝනා වසංගතයේ උපරිම ස්ථාන‍යට පත්ව ඇති බැවින් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කීවාය.

ඇය පවසන්නේ කොරෝනා තවත් රැල්ලක් පැමිණියහොත් එයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට නොහැකි වන බවයි.

මහජනතාවගේ හැසිරීම් කිසිසේත් ම අනුමත කළ නොහැකි මට්ටමක තිබීම මෙයට හේතුවක් බවත් ඇය කියන්නීය. මෙවැනි තත්ත්වයක් තිබිය දී රට යළි විවෘත කළහොත් ඉතා වේගයෙන් රෝගය පැතිරීමේ හැකියාවක් ඇති බව ද ඇය කීවාය.

දෛනිකව මෙරටින් කොරෝනා ආසාදිතයන් 2,000 ඉක්මවා වාර්තාවන අතර මරණ වාර්තාවීමේ ද අඩුවක් නැතැයි ද ඇය පවසයි.

1 COMMENT

  1. මෙම ක්‍රමයට සංචරන සීමා දැමිමෙන් කොරෝනා නවත්වන්න බෑ. බිලිඩින් සයිට් වල එක සිගරැට් එක කට්ටිය බෙදාගෙන බොනවා. මාස් පලදින්නේ නෑ වැඩ කරන වෙලාවට, මාස් එක නිකටේ. කඩවල් වහලා, එත් අපි නොදන්න චුංපාන්, චුන් එලවළු කාරයෝ, චුන් මාළු කාරයෝ, අපි නොවන්න චූන් කාරයෝ එමටයි. කොහෙන් කොරෝන බෙදා හරිද දන්නේ නෑ. හරියට සෞඛ්‍යය අංශය හා ආරක්ෂක අංශය විතරක් තියලා දවස් 14ක් රට හරියට ලොක්ඩවුන් කරා නම් මේක සෑහෙන්න අඩුවෙලා. අපි කවුරුත් වැඩට යනවා. මේකට මිනිසුන්ට දොස් කියලා වැඩක් නෑ, මේ ක්‍රමයේ වරද.

Leave a Reply to Rajula Jayasekara Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!