spot_img
spot_imgspot_img

ගාල්ලේ සමනල පාළම අසළ මියගිය කැස්බෑ සිරුරක්

පුවත්

විදෙස්

ගාල්ලේ සමනල පාලම අසළට මියගිය කැස්බෑවකුගේ සිරුරක් ගොඩගසා තිබේ.

මුහුදේ පාවී පැමිණ ඒ අසළ ඇති ඇළ මාර්ගය ඔස්සේ ද සමනල පාලම පසුකර මදක් ඇතුළට පැමිණ තිබූ මේ මළ සිරුර කිසියම් පිරිසක් විසින් ඇලේ ඉවුරට යොදා ඇති ආරක්ෂිත ගල් මතට රැගෙන තිබිණි.

X-Press Pearl නෞකාව ගිනිගෙන විනාශ වූ පසු බස්නාහිර, නිරිතදිග හා දකුණු මුහුදු තීරයේ මියගිය කැස්බෑ මළ සිරුරු රැසක් දක්නට ලැබිණි. පරිසර‍වේදීන් පවසන්නේ නැව විනාශ වී ගත වූ දින කිහිපයේ දී කැස්බෑ සිරුරු 20 වැඩි ප්‍රමාණයක් හමු වී ඇති බවයි

1 COMMENT

  1. දැන් අර දේශපාලුවෙක් කිව්වෙ සත්තුන්ට බලපෑමක් නෑ, උන් ඕව කන්නෙ නෑ. අපි මාලු කාලා පෙන්වන්නම් කියලා. මම නම් කියන්නෙ මේ ලංකාවෙ මුහුදු තීරයට ආපහු කිසම මුහුදු ජීවියෙක් එන්න එපා කියලා. බුදුන් වැඩි පින් බිම අපායක් කලා. ආයේ කවදාවත් සතෙක් වත් මේ ලංකාවට එන්නෙ නෑ. දේශපාලුවන්ගේ බඩ තඩි පැලෙනකම් මේ ලංකාව කාපුදෙන්. උන්ට ඒවා වමාරන්න වෙනකොට එදාට සියල්ල යළි ගොඩ නැගේවි. මේ පුංචි රට නිදහස ලබා ගෙන අවුරුදු ගණනාවක් ගත වුනත් තවමත් දියුණු කරන්න බැරි වුනේ මේ 225 නිසා. අහිංසක ජනතාවගෙන් ගන්න බදු මුදල් සියල්ල යටවෙන්නෙ මොවුන්ගේ බඩ ගෝස්තරයට. මේ රට දියුණු කරන්නවත් එක් රුපියලකින් මනුස්සයෙකුට උදව් කරන්නවත් මේ පාපතරයන්ට උවමනා නැහැ. පුදුමය ජනතාව තවත් මොවුන් වැනි කැදර විනාශකාරී අදම දේශපාලුවන්ට ඡන්දය ලබා දීමයි. අද තරුණ පරම්පරාව විදියට අපි කණගාටු වෙනවා පින් බිමක ඉපදිලත් පව් වලට කර ගහන්න වීම ගැන. මින් ඉදිරියට අපි දේශපාලුවන් පිටුපස යන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!