spot_img
spot_imgspot_img

ආනයන, අපනයන භාණ්ඩ ප්‍රවාහන ගාස්තුවත් වැඩි කරයි

පුවත්

විදෙස්

ආනයන හා අපනයන ද්‍රව්‍ය පැටවූ බහාලුම් ප්‍රවාහනය කිරීමේ ගාස්තු ජූලි 01 දා සිට 15%කින් වැඩි කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

අද (15) එම සංගමයේ විධායක කමිටුව රැස්වී මෙම තීරණය ගත් බව එහි සභාපති සහන් මංජුල පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව ටයර්, බැටරි සහ ලිහිසි තෙල් මිල ඉහළගොස් තිබීම හා වාහන අමතර කොටස් මිල 50%කින් පමණ ඉහළ ‍ගොස් තිබීම මෙලෙස ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට හේතු වූ බව ද හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!