spot_img
spot_imgspot_img

මෝරුන් 70% මියගිහින්. විශ්වවිද්‍යාල පුළුල් පරීක්ෂණ පවත්වයි

පුවත්

විදෙස්

මෝරුන් විශාල ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලය සහ අත්ලාන්තික් විද්‍යාලය පෘථිවි විද්‍යා අංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් පුළුල් අධ්‍යයනයක් ආරම්භ කර තිබේ.

ඔවුන් පවසන්නේ මහ සමුදුරේ ජීවත්වූ මොරුන්ගෙන් 70%ක් පමණ ප්‍රමාණයක් මියගොස් ඇති බවයි. මෙලෙස මෝරුන් විශාල ප්‍රමාණයක් මිය‍ගොස් ඇත්තේ අදින් වසර ලක්ෂ 190කට පමණ පෙර දී ය. පර්යේෂකයන් පවසන්නේ වර්තමානයේ සාගරයේ සිටින මෝරුන්ට වඩා 10 ගුණයක් පමණ මෝරුන් එකල සාගරයේ වාසය කර ඇති බවයි.

මෙලෙස මෝරුන් මියයාම පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණය වී නැත.

යේල් විශ්වවිද්‍යාලයේ පෘථිවි හා ග්‍රහලෝක විද්‍යා අධ්‍යයනාංශයේ සහ ජෛවගෝලීය අධ්‍යයන අංශයේ ආචාර්ය එලිසබෙත් සයිබර්ට් පවසන්නේ දැනට විශ්වාස කරන පරිදි මෙම වඳ වී යාම අහම්බයක් බවයි.

“අපි ගැඹුරු මුහුදේ ඇති අවසාදිතවල මයික්‍රොෆොසිල් මාළු දත් සහ මෝර අස්ථි කොටස් පිළිබඳ අධ්‍යයනය කරනවා. මොවුන්ගේ පැවැත්ම වෙනස් වී ඇති ආකාරය වටහාගැනීම සඳහා මේවා අධ්‍යයනයෙන් වාර්තාවක් සැකසීමට අපි කටයුතු කළලා. එය වසර ලක්ෂ 850ක් දක්වා අතීතයක සාධක සහිතයි. මේ අධ්‍යයනයේ දී තමයි පැහැදිලි වුණේ වසර මිලියන 19කට පෙර මෝරුන්ගේ ගහනය විශාල වශයෙන් පහත වැටිලා. එය සම්පූර්ණ වඳවීයාමක් නොවුණත් විශාල වඳවීයාමක් ලෙස හැඳින්විය හැකියි.”

පර්යේෂණ ප්‍රධානී සයිබර්ට් පවසන්නේ මෝරුන්ගෙන් 70%කට වඩා මියගොස් ඇති බවයි. වෙරළ ආසන්න නොගැඹුරු මුහුදේ සිටි මෝරුන්ට වඩා ගැඹුරු විවෘත සාගරයේ සිටි මෝරුන් විශාල වශයෙන් මියගොස් ඇති බව ද අනාවරණය වී තිබේ. අදින් වසට ලක්ෂ 660කට පෙරාතුව සිදුවූ මහා වඳවීයාමේ දී මෝරුන් අත්විඳන ලද වඳවීමේ මට්ටමට වඩා මෙය දෙගුණයක් වැඩි බව ද පර්යේෂකයෝ කියති.

නමුත් මෙය බරපතල අභිරහසකි. මේාරුන්ගේ ගහණය මේ තරම් වේගයෙන් කෙටි කාලයක්තුළ අඩුවීමට හේතු වූයේ දේශගුණික විපතක් හෝ පරිසර පද්ධතියේ ඇති වූ වෙනසක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. මේ වඳවීම සිදුවූ කාලයේ දී පෘථිවි ඉතිහාසයේ සිදුවූ කිසිදු විශාල වෙනසක් නොදන්නා නමුත් සාගරයේ ජීවවත්වන විශාල විලෝපිකයකුගේ පැවැත් සම්පූර්ණයෙන් ම වෙනස් කර තිබේ.

මෙම පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යා හා වන විද්‍යා අංශයේ ලී රූබින් පවසන්නේ මෝරුන්ගේ ගහනය අඩුවීම පළිිබඳ නිසැකවම සැළකිලිමත් විය යුතු බවයි. පසුගිය වසර ලක්ෂ 400ක කාල‍යේ දී සිදුවූ ජීවී පරිහානිය පිළිබඳ අධ්‍යයනය කිරීමට ඉතා වැදගත් දත්ත මේ ආශ්‍රයෙන් ලැබී ඇති බව ද හෙතෙම පවසයි.

“මේ වඳවීම නූථන සාගරයේ විලෝපිකයන් පහත වැටීමට හේතුවක් වී තිබෙනවා. ඒ වගේම මේ අධ්‍යයනය ඉදිරියේ දී එවැනි සිදුවීම් විය හැකි ද යන්න අධ්‍යයනය කිරීමටත් වැදගත් වේවි. කෙසේ වෙතත් මේ සන්දර්භය වර්තමාන සාගර පරිසරය නිර්මාණය වීමට විශාල බලපෑමක් කරන්නට ඇති. වි‍ශාල විලෝපිකයන් වඳවීයාම නිසා සාගරයේ අනෙක් සතුන්ගේ පැවැත්මට එය සෘජු බලපෑමක් ඇතිකිරීම පුදුමයක් නොවෙයි.”

දැන් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ මෙලෙස මෝරුන් විශාල වශයෙන් වඳවීයාම හේතුවෙන් ඉතිරි වූ මොරුන් තම සාගර වාසස්ථාන වෙනස් කර තිබේ ද යන්න අධ්‍යයන කිරීම සඳහාය. එමෙන්ම වසර ලක්ෂ 190කට පෙර විශාල වශයෙන් මියගිය මෝර ඝහනය යළි වර්ධනය නොවීමට හේතුව සොයා ගැනීමට ද පර්යේෂකයෝ දැඩි වෙහෙසක් දරති.

මෙම වඳවීම වර්තමාන සාගර පරිසර පද්ධතියේ නැගීමට පමණක් නොව මෝරුන්ගේ විවිධත්වයේ විශාල බිඳවැටීම්වලට හේතු වූ කරුණු අවබෝධ කරගැනීම සඳහා පර්යේෂණය දිගටම පවත්වාගෙන යන බව මහාචාර්ය පින්සෙි හල් පවසයි. ඔහු පවසන්නේ මෙය සාගර පරිසර පද්ධතියේ සිදුවූ විශාල වෙනසක් පිළිබඳ අපූරු සාක්ෂියක් බවයි.

අදාල පර්යේණ වාර්තාව

https://science.sciencemag.org/content/372/6546/1105

විද්‍යා පර්යේෂණ පිළිබඳ Science daily වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් පළ වූ ලිපිය

https://www.sciencedaily.com/releases/2021/06/210603171119.htm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!