spot_img
spot_imgspot_img

මහ සාගරයේ වනාන්තර ගැන පර්යේෂණ. සංරක්ෂණයට කඩිනම් පියවර අවශ්‍යයි

පුවත්

විදෙස්

ලොව ඇති වැසි වනාන්තර සේම ජීවයේ අඛණ්ඩ පැවැත්මට ඉමහත් දායකත්වයක් දක්වන සාගර වනාන්තර හා කොරල් පරිසර පද්ධති සිතියම් ගත කිරීමට ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් කටයුතු කරමින් සිටියි.

එම පර්යේෂකයන් පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩි වශයෙන් තර්ජනයට ලක්ව ඇති යෝද සාගර වාන්නතර සිතියම්ගත කිරීම හා ඒවා හඳුනාගෙන ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල කාලීන අවශ්‍යතාවක් බවයි.

ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන නූර් අරෆේ ඩල්මා මෙම ව්‍යාපෘතිය මෙහෙයවයි.

ඔහු පවසන්නේ පෘථිවියේ වෙරළ තීරයෙන් සියයට 25ක් පමණ සමුද්‍ර කොරල්වලින් සහ සමුද්‍ර ශාකවලින් වැසී ගිය වනාන්තරවලින් සමන්විත බවයි.

“ඒවා ලෝකයේ වඩාත්ම ඵලදායී හා විශ්මයජනක පරිසර පද්ධතියක් නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වේගයෙන් විනාශ වෙමින් තිබෙනවා.” යැයි ද ඔහු කියා තිබේ.

මෙම පර්යේෂණ කණ්ඩායම වසර 35ක කාලයක් පැරණි චන්ද්‍රිකා දත්ත තොරතුරු විශ්ලේෂණය කර තිබේ. එමගින් මෙම සාගර වනාන්තර හඳුනාගැනීම සහ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඒවායේ වෙනස්වීම් හඳුනාගැනීම සහ ඊට අවශ්‍ය රැකවරණය කවරක් ද යන්න හඳුනාගැනීමට ද ඔවුන් සැළසුම් කර ඇත. දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඒ අවට ප්‍රදේශය මෙක්සිකෝ වෙරළ තීරය සහ ඊසානදිග පැසිෆික් සාගරයේ දූපත් ඔස්සේ කිලෝ මීටර දහස් ගණනක සාගර වනාන්තර භූමි ඔවුන් විසින් ආවරණය කර තිබේ.

මෙක්සිකෝවේ බඩා කැලි‍ෆෝනියා වෙරළ තීරය අධ්‍යයනය කිරීමේ දී එහි තිබූ සාගර වනාන්තරවලින් සියයට 01කටත් අඩු ප්‍රමාණයක් ආරක්ෂා වී ඇති බවත් අනෙක් සියල්ල විනාශ වී ඇති බවත් තහවුරුවීමෙන් ම මෙම වනාන්තර ආරක්ෂාකිරීම ඉතා කඩිනමින් සිදුකළ යුතු බව තහවුරු වන්නේ යැයි ද අ‍රෆේ ඩල්මා සඳහන් කරයි.

“මෙම කලාපයේ ඉහළ මුහුදු මතුපිට උෂණත්වය වෙනස් වෙලා. ඒ වගේ ම මුහුදේ ඇති පෝෂ්‍ය පදාර්ථ අඩු මට්ටමකට පත්වෙලා. සමුද්‍ර වනාන්තරවල ප්‍රමාණය අඩුවෙලා වගේම එහි පැතිරීම සීමා සහිතවෙලා. කොරල් පද්ධතිය යනු පෘථිවියේ වේගයෙන් වර්ධනය වන ජීවී පද්ධතිය වුණත් අපට එවැනි කොරල් සහිත සාගර වනාන්තරයක් අහිමි වූ විට ඇදහිය නොහැකි කාබන් ගබඩාවක්, සමුද්‍ර ජීවීන්ගේ වාසස්ථාන, මාළු ලක්ෂ ගණනකගේ අභිජනන භූමි අහිමවනවා පමණක් නොවෙයි අපි ජීවත්වන ගොඩබිමත් සාගරය විසින් ගිල ගැනීම සිදුවනවා.” යැයි පර්යේෂකයෝ කියති.

සමුද්‍රයේ තාප තරංග ගලායාමේ වේගය හා උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩිවන තත්ත්වයක් තුළ මේ කොරල් ඇතුළු සාගර වනාන්තර ආරක්ෂාකරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ අප සොයා බැලිය යුතුයි.

“මේ ගැටලුව සම්බන්ධයෙන් අපි වෙහෙස මහන්සි වී වැඩ කරනවා. කාලයාගේ අවෑමෙන් සාගර වනාන්තර සශ්‍රීක වන්නේ කෙසේ ද යන්නත් නිරීක්ෂණය කිරීම සහ ඒවා අඛණ්ඩව කොපමණ ප්‍රමාණයක් ආරක්ෂා වී ඇතැදිය කියා ගණන කිරීමත් කරනවා.”

චිලී, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල යෝධ සමුද්‍ර වනාන්තරවල අඛණ්ඩතාව සිතියම් ගත කිරීම සදහා මෙම අධ්‍යයනය භාවිතා කරයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙවැනි වනාන්තර ආරක්ෂා කිරීඹට ඇති විශාලතම බාධකය වන්නේ නොදැනුවත් භාවය බවයි

“මේ අද්භූත දිය යට වනාන්තර පවතින බව දැන ගැනීමට අප මහජනතාව දැනුම්වති කරීමේ ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. මානව ක්‍රියාකාරකම් හේතුවේන ගෝලීය වශයේන ඒවා විනාශ වී යා නොදී රැකගත යුතු ආකාරය පිළිබඳ ගෝලීය වශයෙන් දැනුම්වත් කරන්න අවශ්‍ය්‍යි.”

මෙම පර්යේෂණයට දායක වී සිටින ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ‍‍ෆියොරෙන්සා මිචෙලි පවසන්නේ 2030 වර්ෂය වනවිට සාගරවලින් සියයට 3ක් මුළුමනින්ම ආරක්ෂා වී ඇති බවට සහතික කිරීම සඳහා ලොව රටවල් එකතුවිය යතුය යන්නයි.

විනාශ වී ගිය සාගර වනාන්තර නැවත ඇතිකිරීම, ඉතිරිව ඇති වනාන්තර ඉලක්කගතව ආරක්ෂාකිරීම, පාලනයකින් තොරව මසුන් ඇල්ලීඹම හා සමුද්‍ර දූෂණය වැනි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන හානිය අවම කිරීම ඇතුළු වෙනත් ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව ද ඇය කියන්නීය.

ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති පර්යේෂණ පත්‍රිකාව –

https://www.nature.com/articles/s43247-021-00177-9

https://phys.org/news/2021-06-international-team-world-giant-kelp.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!