spot_img
spot_imgspot_img

CID ලොකු පුටුවකට කාන්තාවක් එයි

පුවත්

විදෙස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරක් සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල පත්කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි.

2007 වර්ෂයේ දී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස ඇය පොලිස් සේවයට එක්ව ඇත. නීති වේදිනියක වන ඇය නීති උපාධිය විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර රුහුණ විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධියක් හිමිකරගෙන තිබේ.

ඇමෛරිකාවේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයේ අර්බුද කළමනාකරණ පාඨමාලාවක් හදාරා ඇති ඉමේෂා මුතුමාල තායිලන්තයේ දී FBI ආයතනය මගින් පැවැත්වූ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාවක් ද හැදෑරුවාය. ප්‍රජා පොලිස් සේවාව පිළිබඳ විශේෂ පාඨමාලාක් හැදෑරීම සඳහා මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියට එක්වූ ඇය ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී අන්තර්ජාල අපරාධ පිළිබඳ විශේෂ පාඨමාලාක් ද හදාරා සිටියි.

මෙම තනතුරට පත්වීමට පෙර ඇය නුගේගොඩ කොට්ඨාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිෂ්කාෂණ වාර්තා ඒකකයේ සේවය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!