කොළඹ දිසාපති GMOA එකට එරෙහිව සෞඛ්‍ය ලේකම්ට ලියයි. එන්නත්කරණය අවුලක?

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරී‍න්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්ධන කමිටුවේ තීරණවලට පටහැනිව අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් එන්නත්කරණ වැඩසහනින් ඉවත්වන බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න එම ලිපිය මගින් දක්වා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විසින් ඔහුට ද පිටපත් සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකර ඇති ලිපිය අනුව මෙ තීරණය ගත් බවයි.

කොළඹ දිස්ත්‍රිකයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් පවසන්නේ කොළඹ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහන විධිමත් කිරීම සඳහා රජයේ ඉල්ලීම මත අවශ්‍ය උපරිම සහයෝගය ලබාදුන් බවයි.  මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පවත්වා එකඟතාවලට එළැඹි බවත් ඒ අනුව ජනතාවට වඩාත් පහසුවෙන් එන්නත් ලබාගැනීමේ වැඩපිළිවෙලක් සැකසූ බවත් දිසාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එම ලිපිය මගින් සිහිපත් කර ඇත.

එසේ රාජ්‍ය නිලධාරීන්ගේ සහය ලබා දී එන්නත්කරණ වැඩසටහන වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමට කටයුතු කර තිබිය දී එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය නොවන පාර්ශවයන්ගේ මැදිහත්විම් සහ බලපෑම් සිදුවන බවට අසත්‍ය චෝදනාවක් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විසින් එල්ලකර ඇතැයි කොළඹ දිසාපතිවරයා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ මෙතකේ කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයගේ නාම ලේඛනය ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුන් මෙම අසත්‍ය චෝදනාව නගා ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් පවසයි.  එම නාම ලේඛනය ලබාදීම රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විරුද්ධ වී ඇති බවත් එම විරෝධය ප්‍රශ්නකාරී බවත් ඔවුහු කියති. මේ අසත්‍ය චෝදනාවට එරෙහිව ඊට විරෝධය පළකරමින් කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට සහය දීමෙන් දිස්ත්‍රික් ලේකම්කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලු නිලධාරීන් ඉවත්ව සිටියි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල නිලධාරීන් හා රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් එන්නත්කරණ ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බව තම සංගමය නොකියන බවයි. එනමුත් ඔවුන්ට අදාල කොටස පමණක් පැවරීමට කටයුතු කළ යුතු බව ද හෙතෙම කීවේය.

2 COMMENTS

  1. එන්නත්කරන ක්‍රියාවලිය හා සම්බන්ධ රජයේ පාර්ශ්වයෙන්, එනම් සව්ක්ය පරිපාලනයෙන් යම් වරදක් දිසාපාති වරයාගේ කාර්ය මණ්ඩලයට සිදුව ඇත්නම් ඒ ගැන යම් විරෝධතාවයක් දැක්වීම සාධාරණයි.
    එහෙත් වුර්තීය සංගමයක ක්‍රියාවක් හේතුවෙන් අදාළ කටයුතු වලින් ඉවත්වීමේ සාධාරණයක් නොපෙනේ.

  2. It is clear, by referring this list, easy to identify unethical. Influences and involmentof GMOA members last days in Covid vaccination. That’s why they are refusing to give the list

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

දියනෑමට ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු ගොඩගනී

නොර්ටන්බ්‍රිජ් ලොනැක්වත්තේ දියනෑමට ගොස් සිටිය දී ඊයේ (19) සවස අතුරුදන් වූූ දෙදෙනාගේ මළ සිරුරු අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

MOH සුරාසැල් මුද්‍රා තබයි

කැකිරාව නගරයේ මත්පැන් අළෙවිසැල් හතරකට සහ මරදන්කඩවල සහ මඩාටුගම මත්පැන් අළෙවිසැල් දෙකකට මුද්‍රා තැබූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

වීරකැටියේ ගජනායකගම සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව...

“කරාපිටියේ කොරෝනා කරල” නිසා පෙනහළු පිළිකා හැදෙන බව තහවුරු වෙයි. හොරුන්ට සල්ලි දී පිළිකා සාදා ගන්නා රට වැසියෝ

සජීව විජේවීර විසිනි  “කරාපිටියේ කොරෝනා කරල” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති MeGha Prime Intake නමැති නිෂ්පාදනය පිළිකා සෑදීමට හේතුවන්නක් බව...

බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි

නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන්...

‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා....

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: