කොළඹ සුපිරි වාහන අධිවේගයේ ගාලු යද්දී පොලිසිය අමුතු කතා කියයි

පුවත්

ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ...

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන...

මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි

මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)

දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ...

විදෙස්

දැඩි සංචරණ සීමා පනවා තිබිය දී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බවට සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් එන්නත්කරණ පත්‍රිකාව අධිවේගී මාර්ගයේ යාමට අවසර පත්‍රයක් වූ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියකු rata.lk වෙබ් අඩවිය සමඟ කීවේය.

නමුත් එවැනි අවසර පත්‍රයක් ඇති බව හෝ එම එන්නත්කරණ පත්‍රිකාව පෙන්වා සංචරණ සීමා කාලයේ දී ගමන් කළ හැකි බව හෝ පොලිසිය මීට පෙර පවසා තිබුණේ නැත.

ඔහු මේ බව කියා සිටියේ බස්නාහිර පළාතේ සිට ගාල්ලට එන්නත් ලබාගැනීම සඳහා දහසකට වැඩි පිරිසක් අධිවේගී මාර්ගය ඔස්සේ සුපිරි වාහනවලින් පැමිණ තිබීම සම්බන්ධයෙන් අප කර ලද විමසීමක දී ය.

මේ පිළිබඳ සොයාබැලීමට අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්ත ද ඔහු අප හා සම්බන්ධ වූයේ නැත. ඔහුගේ කාර්යාලයට ඇමතුමක් ගත් අවස්ථාවේ දී එහි සිටි නිලධාරියෙක් පළමුව කියා සිටියේ කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ වාහන ගාල්ලට පැමිණීමටනම් අවසර පත්‍රයක් ගත යුතු බවයි. එම වාහන සඳහා එවැනි අවසර පත්‍රයක් නිකුත්කර තිබේ ද යන්න සොයාබලන බව ද හෙතෙම කීවේය.

ඉන්පසු අප අප කරන ලද විමසීමක දී එම කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ කොළඹ හා බස්නාහිර පළාතේ පදිංචිකරුවන් පිරිසක් එන්නත් කිරීම සඳහා ගාල්ලට ගොස් ඇති බවයි. එම එන්නත් ලබාගැනීමට ගාල්ලට පැමිණෙන්නයැයි එන්නත් කළ වෛද්‍යවරයාගෙන් කැඳවීමක් ලැබී ඇති බැවින් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් බවට ඇති එන්නත් පත්‍රිකාව පෙන්වා ඔවුන් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන්කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ එම නිලධාරියා කියා සිටියේය. ඔහු මේ බව අප සමඟ කීවේ අප දුරකථනයේ රැඳී සිටිය දී හබරාදුව පොලිසියේ නිලධාරියකු වෙනත් දුරකථනයකින් සම්බන්ධ කරගනිමින් තොරතුරු විමසීමෙන් අනතුරුවය.

අප ඉන් පසුව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වූයේ නැත.

නමුත් අප දන්නාතරමින් එන්නත් හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද ඕනෑම අයකුට ළඟම ඇති රජයේ රෝහලක් වෙත යාමට අවසර ඇත. ඒ අවසරය ලැබෙන්නේ ද ග්‍රාම නිලධාරීවරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ද අනුමැතිය ඇත්නම් පමණි. අවසර දීම පොලිසිය මගින් සිදුකරන්නේ නැත.

රට පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමට පෙර පළාත් අතර සංචරණ සීමා පැනවූ අතර ඒවා තවමත් ක්‍රියාත්මකය. කෙනෙකු තම දිස්ත්‍රික්කයේ සිට යාබ ද දිස්ත්‍රික්කයට යන්නේ නම් දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාගේ අනුමැතිය ලබාගත යුතුය. අත්‍යාවශ්‍ය සේවාවලට පවා මෙම කොන්දේසිය පනවා තිබිය දී පොලිසියත්, අධිවේගී මාර්ග බලධාරීනුත් එන්නත් පත්‍රිකාවක් පෙන්වූ පමණින් ඔවුන්ට නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට ඉඩදුන්නේ කෙසේ ද යන්න අපි විමසා සිටින්නෙමු.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යම් පැහැදිළි කිරීමක් කරන්නේ නම් එය අප වෙබ් අඩවියේ පළකරන්නෙමු.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ආහාර විෂ වී හමුදාවේ පිරිසක් රෝහලේ

මඩකලපුව වාකරේ 233 වැනි බලසේනා මූලස්ථානයේ සෙබළු 16 දෙනෙක් ආහාර විෂ වී මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල නිවාස රැසක් අවභාවිතා කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කෝට්ටේ මාදිවෙළ ඉදිකර ඇති නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් එම නිල නිවාස අවභාවිතා කර ඇතැයි හෙළි...

මානව වංශකතාව වෙනස් කළ, බණ්ඩාරවෙල නගරය ලෝකයේ ම අවදානයට ලක්වෙයි

ලෝකයේ මානව වංශකතාව අධ්‍යයනය කරද්දී සියලු පුරාවිද්‍යාඥයන්ට ශ්‍රී ලංකාව යනු ඉතාමත් වැදගත් රටකි. අප්‍රිකා මහද්වීපයේ දී අදින් වසර ලක්ෂ...

පොලිසියට ගලවන්න බැරි වූ කැලියල්පිටිය පන්සලේ යකඩ කට rata.lk අනාවරණයෙන් පසු ගැලවෙයි

දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර අද (22) ගලවා ඉවත්කර තිබේ. මෙම...

කොටස් වෙළෙඳ පොළ විජයග්‍රාහී වාර්තා රැසක් පිහිටුවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ වාර්තා රාශියක් පිහිට වූ අතර ගනුදෙනු 38,383ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,462ක් බවට පත්විය.

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස...

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට පත්වෙයි

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් Expo Lanka සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 400 ඉක්මවා අද (22) වාර්තා විය.

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!