spot_img
spot_imgspot_img

ප්‍රභූ අවමඟුලට ගිය සුදත්ත හිමිට කොරෝනා. සහභාගීවූවන් නිරෝධයනය විය යුතු නොවේ ද ?

පුවත්

විදෙස්

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණයකින් තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සුදත්ත හිමියන්ගේ රියදුරා කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු හිමියන්ට මෙම පීසීආර් පරීක්ෂණය සිදුකර තිබේ. සුදත්ත හිමියෝ පසුගිය දා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන්ගේ අවමංගල්‍ය උත්සවයට ද එක්ව සිටියහ. මෙම අවමංගල්‍ය සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විශාල ප්‍රභූ පිරිසක් ද බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

සෞඛ්‍ය නිර්දේශයන් අතර අවමංගල්‍ය උත්සවයට සුදත්ත හිමියන් සහභාගී වූ අවස්ථාවේ ඒ හිමියන් අවදානම් කාලයේ පසුවී ඇත. එබැවින් සෞඛ්‍ය නිර්දේශයන් අනුව ඒ හිමියන් අවමංගල්‍ය උත්සවයේ රැඳී සිටි කාලයේ දී එහි සිටි සියලු දෙනා කොරෝනා ආසාදිතයකු ගේ පළමු ආශ්‍රිතයන් ලෙස සළකා නිරෝධායනයට යොමුකළ යුතුය.

නමුත් ප්‍රභූ අවමංගල්‍ය්‍යක් වූ එයට සහභාගී වූ ප්‍රභූ පිරිස් සඳහා එම නීතිය ක්‍රියාත්මක වනු ඇත්දැයි යන්න සැක සහිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!