spot_img
spot_imgspot_img

ගාල්ලේ රත්ගම කොරෝනා එන්නත් ලේඛන අස්ථානගත කරයි

පුවත්

විදෙස්

ගාල්ලේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොරෝනා එන්නත්කරණ ලේඛනය එහිි ප්‍රධානියකු විසින් තමන් සන්තක කරගැනීමෙන් බරපතල ගැටලුවක් ඇති වී තිබේ.

එන්නත් සම්බන්ධ ලේඛන පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ මහජන සෞඛ්‍ය හෙද සොයුරියටය. ඇය සතුව තිබූ රත්ගම එන්නත්කරණ වැඩසටහනේ සියලු ලිපිගොනු මෙම කාර්යාලයේ බලධාරිනියක විසින් ගෙන්වාගෙන ඒවා තම ලාච්චුවේ දමා අගුළු දමා ගැනීමත් සමඟ හෙද සොයුරිය ද විශාල ගැටලුවකට මුහුණ දී තිබේ.

ගාල්ල උණවටුනේ දී කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට එන්නත් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එම පරීක්ෂණය ගැන දැනගත් වහාම චෝදනාවට ලක්වූ වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටින වෛද්‍ය කණ්ඩායමක් අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ තම කාර්යාලවලින් ලබාදුන් එන්නත් ලේඛන වෙනස් කර නැවත සකසා උණවටුනේ සිද්ධිය වංචාවක් නොවන බව පෙන්වීමට සහය වවන ලෙසයි.

නමුත් ඒ වනවිටත් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදිය යුතු එන්නත් සංඛ්‍යාවට වඩා එන්නත් 187ක් වැඩිපුර ලබා දී තිබිණි. රත්ගම ඉඹුල ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා ලබාදීමට එවන ලද එන්නත් වලින් කදුරුපේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ඇතුළු එන්නත් හිමිකම් නොමැති පිරිසකට ලබා දී තිබිණි.

උණවටුනේ එන්නත් සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරුන් බේරාගැනීමට කූඨ ලේඛන සකසන ලෙස වෛද්‍යවරුන්ගෙන්ම උපදෙස් ලැබී ඇතත් ඒ වනවිටත් රත්ගම කාර්යාලයෙන් වැඩිපුර එන්නත් ලබාදී ඇති බැවින් ඒ බව දන්නා බලධාරිනියක විසින් එන්නත් ලේඛනය මෙලෙස තමන් භාරයට ගෙන තිබේ.

කෙසේ වෙතත් එන්නත් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුවුවහොත් ඔවුන්ට ද ගැලවීමක් නොවනු ඇත.

1 COMMENT

  1. ගාල්ලෙ එන්නත් හොර පාරෙ ගියා. ඒකෙ දෙකක් නෑ. GMOA එකේ අය තම තමන්ගෙ පවුල් වල අය පහුගිය සති වල එන්නත් දීපු තැන් වලට හොරෙන් එක්ක ගිහින් MOH ලාගේ උදව් ඇතිව රහසිගතව එන්නත් ලබාගෙන තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කෙ අයට විතරක් නෙවී පිට දිස්ත්‍රික්ක වලිනුත් ඇවිත් විදගෙන ගිහින් තියෙනවා. ගාල්ලෙ විතරක් නෙවී මුළු ලංකාවෙම මේක වුණා. වැඩේ මාට්ටු වෙනකොට මුළු ස්‍යෙඛ්‍ය කාර්ය මණ්ඩලේම පවුල් වලට එන්නත් දෙන්න ඕන කියල කියන්න ගත්තා. ලැයිස්තු හරියට පරීක්ෂා කරොත් කාටද දුන්නෙ කියලා හොයාගන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් එන්නත් දෙන තැන් වල මාසෙකින් විතර සෝදිසියෙන් හිටියොත් 2 මාත්‍රාව ගන්න එනකොට බලාගන්න පුළුවන් වේවි. හැබැයි එදාටත් GMOA එක අමුතු ජිල්මාට් එකක් දාන්න ඉඩ තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!