spot_img
spot_imgspot_img

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මගඩිය යටගහන්න කූඨ ලේඛන සැකසීමට MOH කාර්යාලවලට උපදෙස්

පුවත්

විදෙස්

දින කිහිපයක් පුරා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේ සිදුකෙරුණු කොරෝනා එන්නත් මගඩිය පිළිබඳ චෝදනා එල්ල වී ඇති පිරිස ඉන් ගලවාගැනීම සඳහා කූඨ ලේඛන සැකසීමේ සැළැස්මක් මේ වනවිට ආරම්භ වී තිබේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ශ්‍රී ලංකාවේ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබිය දී කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ පදිංචිකරුවන් දහස් ගණනකට උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී එන්නත් ලබාදෙන බව rata.lk වෙබ් අඩවිය පළමු වරට හෙළි කළ අතර පසුගිය සෙනසුරාදා සිට අද දක්වා ම ඒ පිළිබඳ අපි විමසිල්ලෙන් පසුවන්නෙමු.

ඉන් පසු සඳුදා සිට අනෙකුත් මාධ්‍ය ආයතන ද අප කරන ලද හෙළිදරව්ව මත පදනම්ව එම පුවත වාර්තා කරන ලදී.

අප විසින් අනාවරණය කරන ලද එම එන්නත් ජාවාරම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම විමර්ශන කණ්ඩායම් ගාල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ වෛද්‍ය සැපයුම් ඒකකයේ සිට ගාල්ලට එන්නත් ලැබීමේ සිට එන්නත් ලබාදීමේ ලිපිගොනු පවා පරීක්ෂා කිරීම ආරම්භවීමත් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් ද පැවැත්වූ රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ නිලධාරී මණ්ඩලය එහි දී තීරණ කිහිපයක් ගෙන ඇති බව අප වෙත වාර්තා වෙයි.

මෙම තීරණ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත නොනිල දැනුම්දීමක් කරමින් පවසා ඇත්තේ එම කාර්යාල මගින් ලබාදුන් එන්නත් සම්බන්ධ ලේඛන වෙනස් කර ලබාදුන් එන්නත් ප්‍රමාණය වැඩිකර දක්වන ලෙසයි.

මෙම ඉල්ලීම අතිශය බරපතලය. එය කූඨ ලේඛන සැකසීමේ වරදට හසුවන්නකි. මේ බව දැනගත් ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු කිහිප දෙනකු මේ ලේඛන වෙනස්කර සැකසීම දැනටමත් ආරම්භ කර තිබේ.

උණවටුනේ සිදුවූ එන්නත් මගඩියේ ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි අප සතුව ඇත. කොළඹින් සුපිරි වාහනවලින් බුරුතු පිටින් පැමිණි අය එන්නත්කරගනිද්දී අවම වශයෙන් ඔවුන්ගේ නම ගම සමඟ අනන්‍යතාව සටහන් කරගැනීමට හෝ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි කටයුතු කළේ නැත. පළමු එන්නත ලබාගැනීමේ පෝරමය ඉදිරිපත් කරන විට ඔවුන්ට එන්නත ලැබිණි.

එයින් පෙනී යන්නේ දැනට චෝදනාව සෘජුවම එල්ල වී ඇති වෙනුර සිංගාරච්චිට මේ කාර්යයේ දී නිවැරදි කරුවීමට නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලවල ලේඛන යළි සකසා කූඨ ලේඛන ඉදිරිපත් කිරීමෙන් නොහැකිවනු ඇති බවයි. ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාර්යාලවල එන්නත් ලබාදීම් පිළිබඳ විස්තර සහ අදාල ලේඛනවල පිටපත් දැනටමත් පිට වී තිබේ. ඒවා අප සතුව ද ඇත.

එබැවින් ලේඛන වෙනස් කළහොත් සිදුවන්නේ ලේඛන වෙනස් කරනු ලැබූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් කූඨ ලේඛන සැකසීමේ අපරාධමය වරදට හසුවීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!