spot_img
spot_imgspot_img

සංචරණ සීමා සහිත කාලයේ භාවිතයට එන වර්ණ ස්ටිකර් ක්‍රමය

පුවත්

විදෙස්

සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ දී විවිධ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ගමන්කරන රථවාහන සඳහා විශේෂිත වර්ණ ස්ටිකර් ක්‍රමයක් හෙට (07) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මාර්ග බාධකවල දී එකම වාහනය නැවත නැවතත් පරීක්ෂාකිරීම වළක්වාගැනීම සඳහා මේ නව ක්‍රමය හඳුන්වාදී තිබේ.

“සංචරණය සීමා පවතින කාලේය දී අත්‍යවශ්‍ය සේවාවලට සහ මානුෂිය කාරණා සඳහා ගමන් කරන පිරිස් ප්‍රමාදයකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය නිසි ක්‍රමවේදයක් සකස් කරන්න මෙම නව ස්ටිකර් ක්‍රමය හඳුන්වාදෙනවා. මාර්ග බාධක කිහිපයකදී එකම වාහනය පරීක්ෂාවීම වැළැක්වීමට මෙම නව ක්‍රමයට හැකියාව තිබෙනවා. හෙට දින උදෑසන මෙම නව ක්‍රමවේදය කොළඹට ඇතුළුවන මාර්ග සියල්ලේම ක්‍රියාත්මක වෙනවා. ඔබ යතුරුපැදියකින් එනවා නම් අපි ඒ ස්ටිකරයේ සඳහන් කරනවා එක් අයෙක් කියලා. දෙන්නෙක් නම් ඒ දෙන්නා සම්බන්ධව එහි සඳහන් කරනවා. මේ ස්ටිකරය නැවත සංචරණ සීමා ඉවත් කරන තුරුම වලංගුයි. යම් වාහනයක ගමන් කරන්නේ 5 දෙනෙක් බව අදාළ ස්ටිකරයේ සඳහන් කිරීමෙන් පසු 6 දෙනෙක් රැගෙන යෑමේ හැකියාවක් නෑ.”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මේ ස්ටිකරය ලබාදෙන්නේ ඒ අයගේ සේවා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, ආයතන විස්තර නිකුත් කර ඇති ලිපිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බවයි.

එමෙන් ම හෙට මේ ස්ටිකරය හඳුන්වාදීම ආරම්භ කරන බැවින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බැවින් කල් වේලා ඇතිව පැමිණෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

“හෙට දිනයේ එම ස්ටිකරය ලබා ගැනීමට නොහැකි වූ පිරිසට අනිද්දා දිනයේත් එය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම ස්ටිකරය සහිත වාහනයේ වෙනත් අය ගමන් කළොත් වෙනත් කටයුතු සඳහා යොදා ගෙන තිබුණොත් එය බරපතළ වරදක්. එවැනි වාහන පොලිස් භාරයට ගන්නවා.” යැයි ද ඔහු කියා සිටියේය.

කොල වර්ණයේ ස්ටිකරය සෞඛ්‍ය සේවා සඳහා

ලා නිල් පැහැති වර්ණය ත්‍රිවිධ හමුදා, පොලිස් වාහන සඳහා.

දම් වර්ණය පුද්ගලික අංශයට අයත් අත්‍යවශ්‍ය සේවා සපයන වාහන සඳහා.

ලා දුඹුරු වර්ණය ආනයන, අපනයන, නිෂ්පාදන, කර්මාන්තශාලා ක්ෂේත්‍රයට අයත් පිරිස් සඳහා.

කහ වර්ණය අත්‍යවශ්‍ය සැපයුම් සපයන්නන් සඳහා

රතු වර්ණය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම් සඳහා.

තැඹිලි වර්ණය මාධ්‍ය සහ සන්නිවේදන ආයතන සඳහා.

සුදු වර්ණය විදේශගතවීම් සම්බන්ධ කටයුතු සඳහා.

කළු වර්ණය අවමංගල්‍ය, වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ ගැනීම වැනි මානුෂීය කටයුතු සඳහා සහභාගී වන්නන් සඳහා

අළු වර්ණය පිසූ ආහාර සහ ඩිලිවරි සේවා සපයන්නන් සඳහා

රාජ්‍ය අංශයේ අනෙකුත් රාජකාරී සඳහාත් විශේෂිත වර්ණයකින් යුත් ස්ටිකරයක් හඳුන්වා දී තිබෙනවා යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!