spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ ඉහළට. විදේශිකයන් කොටස් විකිණීමත් ඉහළ යයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් මිල දර්ශකය අදත් ඒකක 51කින් ඉහළ අගයක් සටහන් කරමින් සමස්ත ඒකක දර්ශකය 7572 දක්වා ළඟා විය. අද දිනයේ කොටස් වෙළෙඳ පොළ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 3,200ක් ලෙස සටන් වූ අතර එය සාපේක්ෂව ඉහළ අගයක් වේ.

අද දිනයේ කොටස් මිල ඉහළ යාම සඳහා දායක වූ සමාගම් අතුරින් LOLC සමාගම රුපියල් මිලියන 698ක්, Expolanka සමාගම රුපියල් මිලියන 234ක්, Beowns සමාගම රුපියල් මිලියන 179ක් වශයෙන් කැපී පෙනිනි. මෙම සමාගම් හැර වැඩිම කොටස් හුවමාරු වූ සමාගමක් ලෙස ACL Cable සමාගම ද දැකිය හැකිවිය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටස් මිල ඉහළ යාමේ දී දැකිය හැකි ප්‍රධානතම බාධාවවන විදේශ ආයෝජකයන්ගේ වැඩිපුර විකිණීම් අද දිනයේ දී ද වාර්තා වූ අතර සමස්ත විදේශික විකිණීම් රුපියල් මිලිනය 330ක් වනවිට සමස්ත විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 182ක් විය.

ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලියන 147ක් විදේශිකයන් කොටස් විකිණීම විශේෂත්වයක් වේ. විදේශිකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව, ලංකා ටයිල්ස් සහ ලංකා වෝල් ටයිල්ස් සමාගම, Regins Lanka සහ Hemas Holdings සමාගම වෙයි.

විදේශිකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම, හැටන් නැෂනල් නන් වෝටින්, එක්ස්පෝ ලංකා, ලංකා දුම්කොළ සමාගම සහ කොමර්ෂල් බැංකුව දැකිය හැකියි.

ඉදිරියේ දී කොළඹ කොටස් මිල දර්ශකය ඉහළ යා හැකි සමාගම් අතර ACL Cable, Tokiyo Cement, LOLC, Brown investment සහ Expolanka සමාගම ප්‍රධාන වේ.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරං‍ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!