spot_img
spot_imgspot_img

මහ වැස්සෙන් 6,400ක් අවතැන්, 130,000ක් පීඩාවට

පුවත්

විදෙස්

මහ වැසි සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් සිසුවියක් මියගොස් දෙදෙනකු අතුරුදන් වී 130,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව 6,399 දෙනකු අවතැන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර අයගම දුම්බර ග්‍රාම නිලධාරී වසමට අයත් මැදපොළ ප්‍රදේශයේ කන්දක් අද (04) උදෑසන නාය යාමෙන් මෙම පාසල් සිසුවිය මියගියාය.

දිස්ත්‍රික්ක 05ක පමුල් 31,303කට අයත් 130,672ක් මෙලෙස පීඩාවට පත්ව ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පවුල් 1,119ක පුද්ගලයන් 5,607 දෙනකු ආරක්ෂිත ස්ථානවලට යොමුකර ඇති බවයි. එමෙන්ම තවත් පවුල් 200ක පුද්ගලයන් 792ක් තම නිවෙස්වලින් ඉවත්ව ඥාති නිවෙස්වල රැඳී සිටින බව ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.

වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටය. ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පවුල් 23,455කට අයත් පුද්ගලයන් 98,052 ක් පීඩාවට පත්ව සිටිති. ඉන් අවතැන්ව සිටින සංඛ්‍යාව 817කි.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08 පවුල් 6,608කට අයත් 28,240ක් පීඩාවට පත්ව සිටින අතර ඉන් පවුල් 353කට අයත් 1,469 දෙනෙක් අවතැන්ව සිටිති.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 915කට අයත් 3,137 දෙනෙක් ද රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 322 කට අයත් පුද්ගලයන් 1,242 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 03 අයත් 08 දෙනෙක් ද පීඩාවට පත්ව සිටිති.

ආපදා තත්වය හේතුවෙන් නිවාස 5කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 317කට අර්ධ හානි සිදුව ඇත.

දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු මගින් පීඩාවට පත්වූ පිරිස්වලට සහන සේවා සැපයීමට මේ වනවිටත් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!