ගාල්ලේ ‍එන්නත් පොරයක්. නීතියක් නෑ. ප්‍රමුඛතා නෑ. චාරයක් නෑ

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බල ප්‍රදේශයේ ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකරන කොරෝනා එන්නත් ලබාදීම හිතූ හිතූ ආකාරයෙන් කිසිදු තේරීමක් හෝ පිළිවෙලක් නොමැතිව සිදුවන බවට ජනතාව චෝදනා කරති.

අද (02) මඩවලමුල්ල සද්ධාතිස්සාරාම විහාරස්ථානයේ දී එන්නත් කිරීමේ වැඩටහනක් පැවැති අතර එම ස්ථානයට පැමිණි පිරිස් කිසිදු නිරෝධායන නීතියක් නොතකා රැස්කමින් සිටි ආකාරය මෙම ඡායාරූපවල දැක්වේ. එම අවට පදිංචිකරුවන් පවසන්න් එන්නත් ලබාගැනීම සඳහා ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අමතරව වෙනත් නොදන්නා විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණි බවයි. ඔවුන් විවිධ වාහන හා යතුරුපැදිවලින් මේ විහාරස්ථානයට පැමිණ තිබෙනු දැකගත හැකිවිය.

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර එන්නත් ලබාදීමේ වැඩසටහන වඩාත් විධිමත් හා ක්‍රමානුකූලව සිදුකිරීම සඳහා Online ක්‍රමයට ලියාපදිංචි කිරීම සිදුකළ අතර ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා අයදුම්පත්‍ර බෙදා දී ලියාපදිංචිය ද සිදුකරනු ලැබීය.

එසේ සිදුකළ ද එන්නත් ලබාදුන් පළමු දිනයේ මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ ද අක්‍රමිකතා සිදුවූ බව අප විසින් හෙළිකළ විට ඇතැම් නිලධාරීන් අප වෙබ් අඩවියට ‍එරෙහිව විවිධ ප්‍රචාරයන් ගෙන ගිය අතර මාධ්‍යවේදීන් දෙදෙනකු වස්කවියක් ද සාදා ප්‍රචාරය කරන ලදී.

මේ වනවිට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එන්නත් කිරීම සඳහා ග්‍රාම නිලධාරී වසම් තෝරාගෙන ඇත්තේ විවිධ දේශපාලන බල අධිකාරියන්ට හා නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට බවත් සැබෑ අවදානමක් සහිත ග්‍රාම නිලධාරී කොට්ඨාස සඳහා මෙතෙක් එන්නත් ලබා දී නොමැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති. ඔවුන් පවසන්නේ මේ එන්නත් කිරීම දේශපාලන බලය ඇත්තන් වෙනුවෙන් සිදුකර කූඨ ව්‍යාපාරයක් බවයි.

මඩවලමුල්ල ග්‍රාම නිලධාරී වසමේ එන්නත් වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැළසුම පරිදි උදය කාලයේ සිදුවූ අතර සවස්වන විිට එම තත්ත්වය වෙනස් වෙමින් තිබිණි. සවස 3.00 පමණ වනවිට එන්නත් ගැනීමට වෙනත් ප්‍රදේශවලින් පවා මෙම ස්ථානයට පැමිණ තිබිණි. ඔවුන් සමාජ දුරස්ථභාවය ගැන පවා සැළකිලිමත් වූයේ නැත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ ප්‍රාදේශී්‍ය ලේකම්කාර්යාලය මගින් සැකසූ වැඩපිළිවෙලට අනුව සවස 3.30 පඹණ වනවිට මඩවලමුල්ල වසමේ පදිංචිකරුවන්ට එන්නත් ලබා දී අවසන් කළ බවයි. නමුත් ඉන් පසුව දේශපාලන මෙහෙයවීම් මත විශාල වශයෙන් පිරිස් පැමිණි බවත් ඔවුන්ගෙන් ඇතැම් පිරිසකට එන්නත් නොමැතිව හැරී යන්නට ද සිදුව තිබිණි.

එන්නත් ලබාගැනීමට පැමිණි පිරිස් පවසන්නේ 500ක පමණ පිරිසක් තවදුරටත් පෝළිමේ රැඳී සිටිය දී එන්නත් අවසන්වීම හේතුවෙන් ඔවුන් ආපසු හැරී යන ආකාරය අපට නිරීක්ෂණය කළ හැකි විය.

මේ පිළිබඳ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රිය්නත සහබන්දුගෙන් විමසූ විට මෙසේ කීවේය.

“දකුණු පළාතේ වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදීපු වැඩසටහන ක්‍රියාත්මක කළේ මෙම ස්ථානයේ. එන්නත් 4900කට ආසන්න සංඛ්‍යාවක් එන්නත් ලබාදුන්නා. ඉතාමත් සාර්ථකව මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වුණා. පැමිණි කිසිවකු හරවා යැවුණේ නැහැ. සියලු දෙනාටම එන්නත් ලබාදුන්නා.”

1 COMMENT

  1. ගාල්ල කොට්ඨාශයේ ලියාපදිංචි වී ඇති ඡන්දදායක ලයිස්තු අනුව ග්‍රාමසේවක වසම් තුළ ජංගම සේවාවක් ලෙස ඒ කටයුතු සදහා ජනතාව පඩි ගෙවන නිලධාරීන්ට හා සේවකයින් වෙත තම වගකීම ඉටුකරලීමට අවස්ථාව ලබා දී ඉහළ නිලධාරීන් ලකුණු දාගන්න දගලන එක නතර කලා නම් දේශපාලන අධිකාරියේ උන්දලා එන එකක් නෑ ඒ සදහා අවශ්‍ය මග පෙන්වීම පලාතේ ප්‍රධාන දේශපාලන යාන්ත්‍රණයේනියමුවන් හා ආරක්ෂාව සදහා ආරක්ෂක නිලධාරීන් හා රජය නියෝජනය කිරීමට බලය පවරා ඇති බලධාරීන් හා දිස්ත්‍රික්කයේ සියලු ආයතන ප්‍රධානීන් එක්ව සාකච්ඡා කර සකස් කරන ක්‍රමවේදය තමා නියෝජනය කරන පිරිස හැසිරවීම සදහා බලය පවරා එයින් යම් හානියක් සිදුවුනා නම් ඒ පුද්ගලයා ගේ ක්‍රියාවේ වගකීම ඔවුන් වෙත පැවරීම සිදුකලා නම් මිනිසුන් කලබලයක් නැතුව සදාකාලිකවම මේ එන්නත මගින් ජීවත්වීම නොවෙන බව තේරුම් ගෙන මිනිස්සු විදියට හැසිරෙයි.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව...

දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි

කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: