spot_img
spot_imgspot_img

GMOA නිලවරණ කල්ලිවාදය අධිකරණයටත් යයි ?

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාති ධූරය සඳහා එහි නිලවරණයට නාම යෝජනා භාරදුන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ලබාදුන් නාම යෝජනා පත්‍රයේ සංගමයේ සාමාජික අංකය නිවැරදිව සටහන් කර නොමැති බව පවසමින් නාම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව නිලවරණ කමිටුවේ සභාපති වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න විසින් ඊයේ (31) මේ බව දැනුම් දී තිබේ.

තම නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම නීත්‍යානුකූළ නොවන බවත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර නිලවරණ කමිටු සභාපතිවරයාට ඊයේ (31) දිනයේ දී ම දැනුම් දී තිබේ.

මේ අතර නිලවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් පසු වෛද්‍ය නිලධාරී සංගමයේ ලාංඡනය ඇතුළත් නිල වෙබ් අඩවි මගින් තම පාර්ශවයට විවිධ චෝදනා සහ තර්ජන එල්ල වෙමින් තිබෙන බව එහි ලේකම්ධූරයට නාමය ‍යෝජනා භාරදුන් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ද නිලවරණ කමිටුවට දැනුම් දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායම අඛණ්ඩව වසර 05ක පමණ කාලයක් එම සංගමයේ නිලතල හොබවති. ජුනි 26 වැනි දින මෙම සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!