spot_img
spot_imgspot_img

rata.lk වෙබ් අඩවියට එරෙහිව වස්කවි කියති

පුවත්

විදෙස්

මාධ්‍යවේදීන් යනු මෙරට හතරවැනි ආණ්ඩුවයැයි බොහෝ දෙනකු කියති. මාධ්‍යවේදීන් තම රාජකාරියේ දී සමාජ අසාධාරණයට එරෙහිව පෙනී සිටිනු ඇතැයි සමස්ත සමාජය ම මාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍ය ආයතනවලින් බලාපොරොත්තු වෙයි.

නමුත් සිදුවන්නේ ඇතැම් මාධ්‍යවේදීන් තම පුද්ගලික වාසිය වෙනුවෙන් වෘත්තිය පාවාදීමයි. එමෙන්ම ගුප්ත ශාස්ත්‍ර, දේව ඇදහිලි සහ මිත්‍යා විශ්වාසයන් පසුපස යන ඔවුන් තමන් කරන කාර්යයේ හරි වැරැද්ද හෝ නොදැනීම කණගාාටුවට කරුණකි.

ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් 130ක පමණ පිරිසක් ප්‍රාදේශීය වාර්තාකරණයේ යෙදෙන අතර තවත් 40-50ක් පමණ මාධ්‍යවේදීහු ගාල්ලේ පදිංචිව ආයතනගතව සේවය කරති. මාධ්‍යවේදීන් කොරෝනා ආසාදිතයන් සමඟ සෘජුව සම්බන්ධ නොවන කණ්ඩායමක් බැවින් ප්‍රමුඛතා ලැයිස්තුවේ ඔවුන්ට හිමිව ඇ්තේ අඩු අවදානම් තත්ත්වයක් වුව ද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව ඔවුන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

මේ අතර පසුගිය දා ගාල්ලේ එන්නත්කිරීම ආරම්භ වූයේ මඩපාතල ග්‍රාම නිලධාරී වසමෙනි. ඒ කොරෝනා පැති‍රීමේ දැඩි අවදානමක් පැවැති ප්‍රදේශයක් බැවිනි. ගාල්ල ප්‍රාදේශී්‍ය ලේකම් හිමාලි රත්නවීරගේ මෙහෙයවීමකට අනුව අන්තර්ජාලයෙන් ලියාපදිංචියක් ද සහිතව එන්නත් කරණ වැඩසටහන ඉතාමත් සැළසුම් සහගතව සංවිධානය කර තිබිණි. ප්‍රාදේශීය ලේකම්වරිය එම වැඩසටහන පැවැත්වීමට දින දෙකකට පමණ පෙර අප අමතමින් කොළඹ මහ නගර සභාවේ අන්තර්ජාලයෙන් ලියාපදිංචි කරන ලද වැඩසටහනේ දුර්වලතා පිළිබඳ අප දන්නා කරුණු ද විමසුවාය. අප දුන් තොරතුරු ඇයගේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ඉවහල්වන බවට ද හිමාලි රත්නවීර ප්‍රාදේශීය ලේකම්වරිය ස්තූති කිරීමට ද අමතක නොකළාය.

නමුත් මාධ්‍යවේදීන් සුළු පිරිසක් මේ සංවිධානාත්මක කාර්යයේ දී තමන්ට හිමි නැති එන්නත් ලබාගත්හ. ගාල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යවේදීන්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් තිබිය දී මෙලෙස තමන්ට හිමිකමක් නොමැති එන්නත් ලබාගැනීම මාධ්‍යවෘත්තියට ද නිගාවකි. ප්‍රාදේශීය ලේකම්වරිය තම බලප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදීන් සියලු දෙනා සඳහා එන්නත් ලබා දුන්නා නම් ඒ පිළිබඳ අපට ගැටලුවක් නැත. නමුත් එදා එන්නත් කළේ හබරාදුව, බෝපේ පෝද්ද, වැලිවිටිය දිවිතුර වැනි වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පදිංචි කරුවන් පිරිසකි. මඩපාපතල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පදිංචියක් නැති වෙනත් ග්‍රාම නිලධාරීවසම්වල පදිංචි ‍මාධ්‍යවේදීහු ද එන්නත් ලබාගත්හ.

ප්‍රාදේශීය ලේකම්වරිය පවසන්නේ එන්නත් විදීම ආවරණ්‍ය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට එන්නත් ලබාදුන් බවයි.

මෙහි වරැද්ද අපි පෙන්වාදුන්නෙමු. ඉන් පසු දැන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි ඩී.ජී.සුගතපාල හෙවත් සුගතපාල දියගහගේ සහ බෝපේ පෝද්දල පදිංචි ප්‍රේමතිලක ද සිල්වා rata.lk වෙබ් අඩවියට වස් කවි ගොතා කීමට පටන් ගෙන ඇත.

ඔවුන් දෙදෙනාම තමන් කළේ වැරදි දෙයක් යැයි ද දන්නේ නැත. හොර පාරේ එන්නත් ගත් අනෙක් අයද එසේ ම ය.

කෙසේ වෙතත් අපට කීමට ඇත්තේ අප විශ්වාස කරන්නේ ඇසට පෙනෙන සහ කණට ඇසෙන සත්‍ය්‍ය පමණි. වස්කවි නොව දේවාලවලට‍ ගොස් පොල්ගසා මිරිස් ඇඹරුව ද දෙවියන්ට කන්නලව් කර දුක කීව ද අපට කම් නැත. අපි අවිද්‍යාව බැහැර කළ විද්‍යාව සමඟ කටයුතු කරන පිරිසක් වන්නෙමු. එබැවින් මේ සියලු විරෝධතා ආශිර්වාද ලෙස අපි පිළිගන්නෙමු.

එම වස්කවිය පහතින්

4 COMMENTS

  1. මූණු හයයි අත් දොලහයි තියන අංගවිකල පරයා මොනව කරන්නද? ඌට ඌ ඉන්න තැන ගෑණු සහ මත්ද්‍රව්‍ය විකුණන එක නවත්ත ගන්න බෑනේ.,තනි අබ්බ ගොබ්බයෙක්නේ.

  2. ඔය කතරගම එක්කෙනා හරි වල් නේද…වෙලාවට මූනු 6යි අත් 12න් නැවතුනේ.ප්‍රේමවතී මනම්පේරි අමුඅමුවේ මරාදමද්දි…දෙවියනි තෝ කොහිද?

  3. වර්තමානයේ වැදගත් පුවත් සියල්ල ගැන අපි නිවැරදිව වගකීමෙන් යුක්තව දැනගන්ේRata.lk හරහායි.පැත්තක් ගියත් ඇත්ත නොබියව වාර්තාකරණ rata.lk යුගයේ මාධ්‍ය කරනය මැනවින් ඉටු කරයි.##### කෑලුම්###

Leave a Reply to USGA Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!