spot_img
spot_imgspot_img

වාසුදේව, නැවේ වන්දිය ප්‍රයෝජනයි යැයි ඇත්තටම කීවාද ? සම්පූර්ණ කතාව අහන්න

පුවත්

විදෙස්

ගින්නෙන් විනාශ වූ X-Press Pearl නෞකාව හේතුවෙන් මේ වනවිට සාගර පරිසරයට සිදුව ඇති විනාශය අතිමහත්ය. එය කිසිසේත්ම තක්සේරු කළ නොහැකි තරම් විශාල බවත් ඇතැම් විට මෑත ඉතිහාසයේ ලෝකයේ ඕනෑම සාගර පද්ධතියකට සිදුවූ දරුණුතම හානිය විය හැකි බවත් පරිසර වේදීන් සහ සාගර විශේෂඥයෝ අනතුරු කියති.

මේ හානිය පිළිබඳ පසුගිය දා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදින් කළ විමසීමක දූ ඔහු කියා සිටියේ මෙම හානිය සඳහා විශාල වන්දි මුදලක් ලැබෙන බවයි. එම වන්දි මුදල මේ අවස්ථාවේ දී ප්‍රයේජනවත් බවත් ඔහු කීවේය.

නමුත් ඇතැම් පුද්ගලයන් කියා සිටියේ මෙවැනි ප්‍රකාශයක් වාසුදේව නානායක්කාර ඇමතිවරයා විසින් කර නැති බවයි. එය සංස්කරණයෙන් විකෘති කරන ලද ප්‍රකාශයක් බව ද ඔවුහු කියති.

මේ දැක්වෙන්නේ වාසුදේව නානායක්කාරගේ සම්පූර්ණ ප්‍රකාශයයි. ශ්‍රී ලංකාවේ බස්නාහිර, වයඹ හා නිරිතදිග වෙරළ තීරටය මේ තරම් සුවිසල් විනාශයක් සිදුවූ මේ නැවෙන් ලැබෙන වන්දි මුදල වැදගත්යැයි කියන වාසුදේව නානායක්කාරගේ ප්‍රකාශය ඔබට ද පහත සබැඳිය ඔස්සේ සම්පූර්ණයෙන් ම නැරඹීමට හැකිවනු ඇත.

1 COMMENT

  1. සේරම එකයි වාසුදේව කියලා විශේෂ කෙනෙක් ඉන්නවා කියලද හිතාගෙන ඉන්නේ අනේ පව් !

Leave a Reply to pandula pandula Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!