spot_img
spot_imgspot_img

කොරෝනා මරණ 39ක් සමඟ ආසාදිතයන් 2,465ක් ඊයේ වාර්තා කරයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ලයන් 39 දෙනකුගේ විස්තර ඊයේ (28) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබූ අතර කොරෝනා ආසාදිතයන් 2,465 දෙනකු පිළිබඳ ද විස්තර නිකුත්කර තිබිණි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1,363 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව ද 177,706 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මරණ සංඛ්‍යාව පසුගිය අප්‍රේල් 29 සිට මැයි 27 දක්වා සිදුවූ මරණ බව ද සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!