spot_img
spot_imgspot_img

කරාපිටියේ දොස්තරගේ හොර බෙහෙත අනුමත නැති බව ඔහුම කියයි. පොලිස් පරීක්ෂණත් ආරම්භ කරලා

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන උදාර සම්පත් ගුණවර්ධන විසින් සොයාගත් බව කියන කොරෝනා සඳහා වූ ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් අධික මුදලට විකිණීම මුදල් සෙවීමේ ජාවාරමක් බවත් එය පිටුපස දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ නිලියක් ද සිටින බව rata.lk වෙතින් හෙළි කිරීමෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් ම ආරම්භ කර තිබේ.

පසුගිය දා යූ ටියුබ් නාලිකා කිහිපයකින් ප්‍රචාරයක් ලබාගැනීමට උත්සාහගත් මේ ජාවාරම්කාර වෛද්‍යවරයා තමන් මෙතෙක් එම නිෂ්පාදනය පිළිබඳ සායනික පරීක්ෂණයක් කර නැති බවත් ලියාපදිංචි කරගෙන ඒ සඳහා පරීක්ෂණ කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වන බවත් පවසයි. (වීඩියෝ දර්ශන පහතින් දක්වා ඇත.) එමෙන්ම මීට පෙර ISO 22000 සහතිකය තමන්ට දුන්නායැයි කියූ ආයතන නිකුත් කර තිබෙන්නේ බැර ලෝහ නැති සහතිකයක් බව ද මේ වංචාකාරී වෛද්‍යවරයා පවසයි.

ගාල්ල මූලස්ථාන පොලිසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික අධිකාරිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාල වෛද්‍යවරයා සහ එම ජාවාරම හා සම්බන්ධ නිලිය විවිධ හේතු දක්වමින් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණීම ද මඟහරිමින් සිටියි. මේ අතර එම වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායම මෙරට ප්‍රමුඛ පෙළේ youtube නාලිකා වෙත මුදල් දෙමින් තමන්ගේ හොර ජාවාරම ප්‍රසිද්ධ කරගැනීමේ කූඨ ව්‍යාපාරයක් ද ගෙන යමින් සිටියි.

අප මේ වෛද්‍යවරයා හමුවූ ප්‍රථම අවස්ථාවේ දී ඔහු සමඟ කරන ලද සම්පූර්ණ සාකච්ඡාව පටිගත කර අප සතුව තිබේ. එම සාකච්ඡාවේ දී ඔහු සෘජුවම පවසන්නේ තමන් නව ඖෂධයක් සොයාගත් බවයි. ඒ සඳහා සායනික පරීක්ෂණ සිදුකළ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ආයුර්වේද දෙපාර්තමේන්තුව ආදී ස්ථානයන්ගෙන් ලබාගත් අවසරය තමන්ට ඇති බව ද ISO 22000 තත්ත්ව සහතිකය ද හිමි බවත් පේටන්ට් බලපත්‍රයකට පවා ඉල්ලුම් කර ඇති බවත් උදාර සම්පත් ගුණවර්ධන කියා සිටියේය.

නමුත් අප ඔහු සමඟ සාකච්ඡාවට එක්වූයේ මෙවැනි ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් සඳහා අවසර දෙනු ලබන සියලුමම ආයතනවලින් ඒ පිළිබඳ විමසීමෙන් පසුවය. ඒ බව ඔහුට කියා ඔහු එවැනි කිසිදු ආයතනයක් අවසර ලබා න‍ොමැති බව කියූ පසු සැබැවින්ම තමන් ඒවායින් අවසර නොගත් බව හෙතෙම නිහතමානීව පිළිගත්තේය. එහෙත් ජාත්‍යන්තරවට ISO 22000 පිරිනමනු ලබන බියුරෝ වෙරිටාස් නමැති ආයතනයෙන් ISO සහතිකය ලබාගත් බව හෙතෙම කීවේය.

අප එම ආයතනයෙන් විමසීමේ දී කියා සිටියේ ඔවුන්ට එවැනි තත්ත්ව සහතිකයක් ලබාදීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. අපනයනය කිරීම සඳහා නිෂ්පාදනය කරනු ලබන ආහාරවල මිනිස් සිරුරට විෂ සහිත රසදිය, කැඩ්මියම් වැනි ලෝහ අඩංගුවන්නේ ද යන්න පිළිබඳ පමණක් තමන් පරික්ෂණ පවත්වා සහතික නිකුත් කරන බවත් එවැනි සහතිකයක් නිකුත් කිරීමේ දී එම නිෂ්පාදනයේ වෙනත් ගුණාත්මක කරුණු සොයා නොබලන බවත් එම ආයතනය අපට දැනුම් දුන්නේය.

අවසානයේ වෛද්‍යවරයා කියා සිටියේ මෙම ඖෂධය තමන් සොයාගත්ත ද එය නිෂ්පාදනය කරනු ලබන්නේ Megha Caring (Pvt) Ltd නමැති ආයතනයක් බවයි. එම ආයතනයේ හිමිකරුවන් තමන් නොවන බව කී විට අපි එම ආයතනයට කතා කළෙමු. එහි දුරකථන අංකය ඔස්සේ ඇමතූ විට සම්බන්ධ වූයේ දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ නිලියක වන ඕෂධී හේවාමද්දුම නැමැති අයයි. ඇය කියා සිටියේ මේ සමාගම තමන්ගේ නොව වෛද්‍යවරයාගේ බවයි. වෛද්‍යවරයා එමෙන්ම තමන් හෝ තම සැමියා හෝ ඖෂධය නිෂ්පාදනය නොකරන බවත් එය වෛද්‍යවරයා විසින් අළුත්ගම ප්‍රදේශයේ ස්ථානයක සාදා ගෙනවිත් දෙන බවත් ඇය කීවාය.

මේ ඖෂධය පිළිබඳ පර්යේෂණ කළ ආයතනයක් හෝ රසායනාගාරයක් හෝ කරන ලද පර්යේෂණ පිළිබඳ එකම ලිඛිත සාක්ෂියක් හෝ සැපයීමට අදාල වෛද්‍යවරයාට නොහැකි විය. ඒ පිළිබඳ අප කරන ලද හෙළිදරව්වෙන් පසු ගාල්ල මූලස්ථාන පොලිසය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වෛද්‍යවරයා දින කිහිපයක් ම පොලිසිය මඟ හැර ඉන් පසු පොලිසියට පවසා ඇත්තේ මේ නිෂ්පාදනය පිළිබඳ ඕෂධී හේවාමද්දුමගෙන් විමසිය යුතු බවයි. පොලිසිය ඇයට කතා කළ විට ඇය පවසා ඇත්තේ තම සැමියා ද මේ සම්බන්ධ කරුණු දන්නා බැවින් මේ දිනවල රාජකාරී බහුල නිසා පැමිණිය නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ අතර රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් රුහුණ විශ්වවිද්‍යලය, එහි කරාපිටිය වෛද්‍ය විද්‍යාලය හෝ කරාපිටිය ශික්ෂණ රෝහල හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බව කියා සිටියේය. එමෙන්ම විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු වන මහාචාර්ය සම්පත් ගුණවර්ධන හා වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන යනු දෙදෙනකු බවත් උපකුලපතිවරයා කීවේය.

මේ අතර කොළඹ අයිඩීඑච් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ද මෙවැනි ඖෂධයක් නොමැති බවත් ඊට නොරැවටෙන ලෙසත් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ අතර වෛද්‍ය සභාව ද නිවේදනයක් නිකුත් කරමින් උදාර සම්පත් ගුණවර්ධන විසින් කිසිදු ඖෂධයක් හො ආහාර අතිරේකයක් සෙයාගෙන නැති බවත් නිවේදනය කළේය.

මේ අතර පාරිිභෝගික අධිකාරිය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වරයා විසින් මේ ජාවාරම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත කරුණු දැනුම් දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මොහුගේ මෙම ජාවාරම පිළිබඳ මෙවැනි පරීක්ෂණ ගණනාවක් සිදුවෙමින් පවතිද්දී ඔහු මුදල් ප්‍රමුඛත්වයේ තබමින් තවදුරටත් එය ප්‍රචාරය කරමින් සිටියි. ඖෂධී හේවාමද්දුම විවිධ යූ ටියුබ් නාලිකාවලට කතා කරමින් තම ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරයාට වැඩසටහන් ලබාගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ඒ සඳහා ඔවුන් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරන බැව් ද පවසා තිබේ.

නමුත් කොතරම් මුදල් ලැබුණ ද ජාවාරම් සඳහා ප්‍රචාරයක් නොදෙන යූටියුබ් නාලිකා බොහොමයක් ඕෂධීගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිම පැසසුම්කටයුතුය.

කෙසේ වෙතත් ඇතැම් යූටියුබ් නාලිකා ඔහුට අවස්ථාව දී තිබිණි.

තමන් පර්යේෂණ කළ බවත් ඒ සඳහා සාක්ෂි ඇති බවත් පවසන උදාර සම්පත් ගුණවර්ධන නම් වෛද්‍යවරයා මේ කිසිදු නාලිකාවක දී තමන් සතුව ඇති සාක්ෂි පෙන්වන්නේ නැත. එමෙන්ම ඔහු ඉතාමත් වැදගත් කරුණක් පිළිගනී. එනම් තමන් කිසිදු සායනික පරීක්ෂණයක් නොකළ බවයි. එමෙන් ම ලියාපදිංචියක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු තවමත් කරමින් සිටින බවත් ඔහු එම නාලිකාවල දී පිළිගනී. එසේනම් නිසි ලියාපදිංචියක් නොමැත ඖෂධයක් හෝ වේවා ආහාර අතිරේකයක් හෝ වේවා රුපියල් 3750.00ක් වැනි මුදලකට ඔහු අළෙවි කරන්නේ කෙසේ ද යන්න ගැටලුවකි.

ඔහු ඇතැම් යූ ටියුබ් නාලිකාවලට පැමිණ ඔහුට එරෙහිව කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සුජීව අමරසේන, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, වෛද්‍ය නිශාන්ත සමරවීර යන අයට විවෘත සංවාදයකට අභියෝග කරයි. මේ නාලිකාවල අංකය ද සඳහන් කරමින් ප්‍රචාරය කරන බැවින් අපි rata.lk එම නාලිකා සියල්ලටම කතා කළෙමු.

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් කරගෙන යනු ලබන හොර ජාවාරම සම්බන්ධයෙන් ඔහු සමඟ විවෘත සංවාදයකට අප සූදානම් බවත් ඔහු සතුව ඇති සියලු ලේඛන රැගෙන එන ලෙසත් දැනුම් දී දිනයක්, වේලාවක් සහ ස්ථානයක් ලබා දෙන ලෙස අප ඉල්ලා සිටිය ද එම අවස්ථාව වෛද්‍යවරයා ලබාදෙන්නේ නැත.

මෙම වීඩියෝ කොටස colombotoday වෙබ් අඩවිය සමඟ වෛද්‍යවරයා පැවැත්වූ සාකච්ඡාකින් උපුටා ගන්නා ලදී

අප මීට පෙර පළකරන ලද ලිපි පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!