spot_img
spot_imgspot_img

ගාල්ලේ මාධ්‍යවේදීන්ට හොර පාරේ කොරෝනා එන්නත්

පුවත්

විදෙස්

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ කොරෝනා එන්නත් කරණ වැඩසටහනේ දී එම වසමේ පදිංචිය නොමැති මාධ්‍යවේදීන් රැසකට ද කොරෝනා එන්නත ලබාදී තිබේ.

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙනත් ග්‍රාම නිලධාරී වසම්වල පදිංචි මාධ්‍යවේදීන්ට පමණක් නොව දුර බැහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවා පදිංචි මාධ්‍යවේදීන්ට ද මෙලෙස එන්නත් ලබා දීමට කටයුුත කර තිබිණි.

කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එම කොට්ඨාසයේ පදිංචිකරුවන්ට එන්නත් ලබා දීම සඳහා online ලියාපදිංචි කිරීමක් සිදුකළ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි මාධ්‍යවේදීන් සඳහා එන්නත් ලබාදීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය මගින් නිශ්චිත වැඩ පිළිවෙලක් ද සකසා තිබිණි. එසේ තිබිය දී මෙලෙස හොර පාරේ මාධ්‍යවේදීන්ට එන්නත් ලබා දී ඇත.

මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ එන්නත්කරණ වැඩසටහන අතරතුර ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් ද එන්නත් ගන්නා ආකාරය අපට නිරීක්ෂණය කළ හැකිවිය. ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ඕනෑම අයකුට එන්නත් කිරීම සිදුකළ විහාරස්ථානයට පහසුවෙන් ළඟා විය හැකි වුව ද දුරබැහැර සිට වාහනවලින් පැමිණෙන පිරිස් ද එම ස්ථානයට පැමිණ සිටින ආකාරය දැකගත හැකිවිය.

මෙලෙස මාධ්‍යවේදීන්ට එන්නත් ලබාදීම පිළිබඳ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීරගෙන් විමසූ විට ඇය කියා සිටියේ එම එන්නත්කරණ වැඩසටහන ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් සඳහා එන්නත් ලබාදුන් බවයි. මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ තාවකාලික පදිංචිකරුවන්ටත් එන්නත් ලබාදුන් බැවින් ඇතැම් අය වාහනවලින් පැමිණෙන්නට ඇති බවයි.

මේ අතර අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එන්නත්කරණ වැඩසටහනට ගිය මාධ්‍යවේදීන් තමන්ට එන්නත් ලැබෙන ආකාරය ගැන විමසූ විට එහි සිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ ප්‍රාදේශීය ලේකම් පවසා තිබුණේ මාධ්‍යවේදීන්ට එන්නත් ලබාදීමට සැකසූ වැඩපිළිවෙලට අනුව හෝ ඒ ඒ වසම්වල එන්නත් කිරීමේ දී පදිංචිය අනුව එන්නත් ලබාගත හැකි බවයි.

මේ පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරන ලද විමසීමක දී ඔහු කියා ඇත්තේ ද ගාල්ලේ මාධ්‍යවේදීන්ගේ ලේඛන සකස් කර ඇති බැවින් ඒ අනුව කඩිනමින් එන්නත ලබාදෙන බවයි.

1 COMMENT

  1. බොරුදාල කුහකයින් වෙන්න එපා , මෙව කරන්හැනෙ එම වැඩපිලිවෙලවල්මෝ කඩාකප්පල්කරන්න. උබලගෙ කාලකන්නි පේජ් වහගනින
    කොහෙම උනත් ලංකාවම අගයකරන්න ඕන ඊයෙ කරපු වැඩසටහන. මිනිස්සු ඔක්කොමලවගේ ප්‍රසංසාකරා කවුරු උනත් කරපු හොදම වැඩක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!