spot_img
spot_imgspot_img

දකුණේ කොරෝනා එන්නත් හොර පාරේ ?

පුවත්

විදෙස්

මාතර නගරයේ කොරෝනා මර්ධන එන්නත් ලබාදීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බව එන්නත් ලබාගැනීමට එහි ගිය හරිත දහනායක පවසයි.

මාතර හිත්තැටිය නැගෙනහිර හා සුදර්ශී පෙදෙස යන ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන් වෙනුවෙන් එන්නත් කිරීම අද (27) සිදුකර තිබිණි. එසේ වුවද මාතර නගරය ආසන්න‍ේය කොරෝනා දැඩි අවදානම හේතුවෙන් හුදකලා කර තිබූ උයන්වත්ත ග්‍රාම නිලධාරී වසම සඳහා එන්නත් ලබා දී තිබුණේ නැත. එන්නත් ලබාදුන් ග්‍රාම නිලධාරී වසම් දෙකෙන් එකක මාතර නගරාධිපතිවරයා ද පදිංචිව සිටියි.

පූර්ව දැනුම්දීමක් නොලැබුණ ද තමන්ට එන්නත හිමි බැවින් හරිත දහනායක සහ ඔහුගේ බිරිඳ එන්නත් පෝලිමට එක්වී ඇත්තේ උදෑසන 10.00ට ය. නමුත් ඔවුන් දෙදෙනා එන්නත් පරිශ්‍රයට ඇතුළුවන විට වේලාව සවස 3.00 පසුවී තිබූ බව ඔහු කියයි.

ඔවුන් එසේ පැය 05ක පමණ කාලයක් පෝළිමේ සිටිය ද මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන ඩෙංගු වළකමු යන ටී ෂර්ට් පැළඳගත් සේවකයන් සහ දේශපාලන බල අධිකාරියේ පිරිසක් විසින් තම හිතවතුන් පෝළිමෙන් පිටතින් එන්නත් සඳහා යොමුකරන අයුරු ඔහු සහ බිරිඳ විසින් නිරීක්ෂණය කර ඇත.

ඉන් පසු සිදුවූ දේ පිළිබඳ හරිත දහනායක මෙසේ පවසයි.

“අපි පැය 05කට වැඩිය පෝළිමේ හිටියා. පෝළිමට පිටින් කට්ටිය අරගෙන එන්නත් කළා. තවත් 500ක පමණ පිරිසක් පෝළිමේ සිටිය දී එන්නත් අවසන් කියලා කිව්වා. මේ කොට්ඨාසයේ එන්නත් කළ අය සම්බන්ධ ගණන කිරීමක් කළොත් සොයා ගත හැකි පිටතින් පැමිණි අය එන්නත් හොර පාරේ ලබාගෙන ද කියලා.”

එන්නත් ලබාගැනීමේ දී දුන් කාඩ් පතක් බිම වැටී තිබී දහනායකට හමුවී තිබේ. එහි නමක් හෝ පදිංචි ස්ථානයක් සටහන්ව නොතිබීම ද විශේෂත්වයකි.

මෙහි පහළින් සටහන්ව ඇත්තේ හරිත දහනායක එන්නත් ලබාගැනීමට නියමිත අයගේ නාම ලේඛනයට ඇතුළත් කරගත් අයදුම් පත්‍රයේ ඡායාරූපයකි. ඒ අනුව ඔහු එන්නත් නිකුත් කළ ග්‍රාම නිලධාරී වසමක පදිංචිකරුවකු වුව ද ඔහුට එන්නත ලැබී නැත.

හරිත දහනායක තමන් සහ බිරිඳ මුහුණ දුන් මේ සිදුවීම උදාහරණයට ගනිමින් වැදගත් ප්‍රශ්න කිහිපයක් මතුකරයි.

01. රජය විසින් ගෙනයන මෙම එන්නත් කරන ක්‍රියා දාමය කඩාකප්පල් කරන් නිලදාරීන් සහ හෙන්චයියන් කවුද?

02. එන්නත්කරණය මුවාවෙන් රෝගය පතුරන මධ්‍යස්තාන පවත්වාගෙන යන්නෙ කවුද?

03. මා හට වෙන්ව තිබූ එන්නතට හෙට වෙන්නෙ කුමක්ද? එය නැවත ලබා දෙනවාද? නැතහොත් මාගේ නමින් වෙන අයකුට ලැබී ඇත්ද?

04. අවසානයේ මාගේ දරු පවුල වෙනුවෙන් වගකීමක් ගන්නෙ කවුරුන්ද?

05. මා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කර ඇති බැවින් අත්ඩංගුවට පත්වීමට හෝ දේශපාලන හෙන්චයින්ගේ බලපෑම්වලට මුහුණ දීමට සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!