spot_img
spot_imgspot_img

GMOA නීති විරෝධී වැඩ කරන බව වෛද්‍යවරු ම කියති

පුවත්

විදෙස්

වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු රජය සතු දත්ත වෘත්තීය සමිතියකට ලබාදීම නීති විරෝධී බවත් රජය එසේ නොකළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

ඔහු මෙසේ ද පවසයි.

“එයාලා කියනවා එයාලට වසංගත රෝග අංශයෙන් දත්ත දෙන්නේ නැතිලු. එයාලා කවුද දත්ත දෙන්න. රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය කියන්නේ තවත් වෘත්තීය සමිතියක් විතරයි. වෘත්තීය සමිති එක්ක ආණ්ඩුවේ දත්ත බෙදා හදාගන්න ආණ්ඩුවට පිස්සු ද ? එහෙම වුණොත් අනිත් වෘත්තීය සමිති එක්කත් ආණ්ඩුව මේ දත්ත බෙදා ගන්න ඕනෑ. මේ GMOA එක රටේ සාමාන්‍ය නීතිය පවා උල්ලංඝනය කරමින් වෘත්තීය සමිති පනතේ සීමාවලින් එහාට ගිහින් වැඩ කරන්නේ. අයතන සංග්‍රහයේ සහ වෘත්තීය සමිති පනතේ සීමාවලට මේ අය කොටු කරන්නේ නැත්නම් ආණ්ඩුව ඒ අයට දිලා ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිතුම ගෙදර යන එක වඩා හොඳයි.”

රජයේ කොරෝනා මර්ධන කමිටුවට තමන් සහභාගී වන්නේ රසායනාගාර අධ්‍යක්ෂ ලෙස මිස වෘත්තීය සමිති නියෝජිතයකු ලෙස නොවූව ද රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ නිල තල හොබවන අය එම රැස්වීමට වෘත්තීය සමිති මට්ටමින් සහභාගී වන බව ද වෛද්‍ය බෙල්ලන පවසයි.  

එම සංගමය වරින් වර මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සමාජය අනවශ්‍ය ලෙස භියට පත්කරන බවත් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම්වල දී වෙනත් ආකාරයකට හැසිරෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට ජනාධිපතිවරයා ඉතාමත් හොඳ තීරණයක් අරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොරෝනා මර්ධන ව්‍යාපෘතිවලින් පැත්තකට කර තිබෙනවා. පසුගිය රජය කාලයේත් මේ සංගමයේ නිලධාරීන් වැඩ වර්ජන කරමින් රජය ප්‍රාණ ඇපයට ගත්තා. මේ වගේ දේවලට ඉඩ නොදිය යුතුයි.” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!