spot_img
spot_imgspot_img

ජනතාවගේ හැසිරීම නරක නිසා දැඩි තීරණ ගතයුතු යැයි හමුදාපති කියයි

පුවත්

විදෙස්

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අද (25) සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේ දී ජනතාව වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී වෙළෙඳ සැල් විවෘතකිරීම වෙනුවට වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් පුද්ගලයකු වාහන භාවිතයකින් තොරව ආසන්නතම වෙළෙඳ සැළ වෙත යන ලෙස දැනුම් දුන්න ද සෑම ප්‍රදේශයක ම වාහන භාවිතා කරමින් දුර බැහැර ස්ථානවලට පවා යන ආකාරය නිරීක්ෂණය වූ බවත් මෙය අවිචාරවත් හැසිරීමක් බවත් යුද හමුදාපතිවරයා පවසයි.

ජනතාව මේ ආකාරයෙන් හැසිරීම හේතුවෙන් කොරෝනා පැතිරීම වේගවත් වීමට ඉඩ ඇතැයි ද පවසන හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සංචරණ සීමා තවදුරටත් අවම කිරීමේ පියවරක් ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම රථ මගින් බෙදාහැරීමේ වැඩපිළිවෙලකට ඉදිරියේ දී යොමුවීමට සිදුවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!