මහින්දයේ අයථා ගනුදෙනු සැඟවීමට තොරතුරු පනතටත් එරෙහි වෙයි

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ යෝජනාවක් මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු රැස්වීමක දී අද (23) සම්මත කරගෙන තිබේ.

මෙම රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ පවත්වා ඇති අතර විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරන නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන එහි මුලසුන හොබවා තිබේ. මහින්ද විද්‍යාලයේ අයථා මුදල් ගනුදෙනු සහ දූෂණ වංචා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීම් ගණනාවක් සාධාරණ හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කළ පාසලේ තොරතුරු නිලධාරියා වන වැඩ ආවරණය කරන විදුහල්පතිවරයා එම ඉල්ලීම් සඳහා දැනුම් දී ඇත්තේ ඒවා ආදි ශිෂ්‍ය සංගමයෙන් ඉල්ලා සිටිය යුතු තොරතුරු බවයි. නමුත් එම සංගමයේ සභාපතිවරයා ද වන්නේ විදුහල්පතිවරයාය.

මෙම තොරතුුරු ලබාදීමේ හැකියාව පිළිබඳ අද (23) පැවැති රැස්වීමේ දී සාකච්ඡා කළ අවස්ථාවේ දී ආදි සිසුවකු වන නීතිඥ චලක ද සිල්වා පවසා ඇත්තේ එම තොරතුරු ලබාදීම අනවශ්‍ය බවයි.

තොරතුරු ඉල්ලා ඇත්තේ රජයේ වියදිමින් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් සඳහා ආදි ශිෂ්‍ය සංගමයෙන් කරනු ලැබූ මුදල් පරිත්‍යාගයක් සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙනි. තොරතුරු පනත යටතේ ආදි ශිෂ්‍ය සංගමයේ ඊට අදාල ලේඛන පරීක්ෂා කිරීමට ද ඉල්ලා තිබිණි.

2016 අංක 12 දරන තොරතුරු පනත යටතේ පොදු අධිකාරියක් වූ මහින්ද විද්‍යාලයෙන් ඉල්ලන ලද තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කළේ කවර පදනමක් යටතේ ද යන්න නීතිඥ චලක ද සිල්වාගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ තමන් රාජකාරීමය වශයෙන් ගන්නා ලද තීරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අකමැති බැවින් අදහස් දැක්විය නොහැකි බවයි.

2016 අංක 12 දරණ තොරතුරු පනත අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට මෙරට ඇති ඕනෑම පොදු අධිකාරියකින් තොරතුරු විමසීමේ අයිතිවාසිකමක් ඇති අතර එම අධිකාරිය තොරතුරු ලබාදීමට ද නීතියෙන් බැඳී සිටී. ඉහත නීතිඥවරයා එම තොරතුරු නොදෙන ලෙස ආදි ශිෂ්‍ය සංගමයට යෝජනා කළේ මෙරට ඇති පනතකට එරෙහිව යමින් බව අපි ඔහුට සිහිපත් කරන්නෙමු.

එමෙන්ම ශ්‍රී ලංකා රජයෙන් මුදල් වෙන්කර කරගෙන යනු ලබන කිසිදු ව්‍යාපෘතියකට වෙනත් ආයතන ව්‍යුහයක් මගින් මුදල් වෙන්කරන්නේ නම් ඒ සඳහා නිශ්චිත පිළිගත් ක්‍රමවේදයක් තිබේ. ඊට පටහැනිව සිදුකරනු ලබන ගනු දෙනු සහ පරිත්‍යාගයන් ඇත්නම් ඒ පසුපස මුදල් වංචාවන් තිබිය හැකිය යන්න පොදු පිළිගැනීමයි. මේ පිළිබඳ සොයා බැලීම සඳහා ඉහත තොරතුරු විමසා තිබේ.

මහින්ද විද්‍යාලයේ තොරතුරු නිලධාරියා වන විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරන නියෝජ්‍ය විදුහල්ති ගාමිණී ජයවර්ධන සහ ආදි ශිෂ්‍ය සංගමය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අප අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරුතරු නිලධාරීවරයා සමඟ සාකච්ඡා කළ විට ඔහුගේ උපදෙස එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට මහින්ද විද්‍යාලයේ තොරතුරු නිලධාරීවරයාට හෝ ආදි ශිෂ්‍ය සංගමයට කිසිදු අවකාශ්‍යක් නොමැති බවයි. එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නම් කළ නිලධාරියාට පිටපත් සහිතව ඒ පිළිබඳ තොරතුරු කොමිසමට පැමිණිලි කරන ලෙස ද ඔහු කියා සිටියේය.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව...

දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි

කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!