spot_img
spot_imgspot_img

හමුදාපතිගේ ප්‍රකාශයෙන් GMOA නිරුවත හෙළිවේ

පුවත්

විදෙස්

“තමන්ගේ මතය ජනාධිපතිතුමා සිටින රැස්වීමේ දී ප්‍රකාශ කරනවානම් ඒ ගැන පුළුල්ව සාකච්ඡා කරලා යම් තීරණයක් ගැනීමට හැකියි. එම රැස්වීමේ දී කතා නොකරන දේවල්, ඉදිරිපපත් නොකරන යෝජනා පස්සේ රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශවල දී මේ වෛද්‍ය සංගම් නිලධාරීන්ගෙන් අසන්න ලැබෙනවා. සෑම සාකච්ඡාවක්ම අවසන් කිරීමට පෙර තවත් කීමට යමක් ඇත්දැයි වෛද්‍යවරුන්ගෙන් අපි විමසනවා. නමුත් ඒ කිසි අවස්ථාවක මේ වගේ කාරණා ඔවුන් ඉදිරිපත් කරන්නේ නැහැ.” යැයි ද යුද හමුදාපතිවරයා කියයි.

පසුගිය සාකච්ඡා‍වල දි විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් අනුව රටපුරා විවිධ සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව කී හමුදාපතිවරයා කොරෝනා පාලනය සම්බන්ධ සියලු තීරණ ගන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව යැයි ද අවධාරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා මාධ්‍ය හමුවේ කියා සිටියේ වසංගත රෝග විද්‍යා ඒකකය වැරදි දත්ත මත කටයුතු කරන බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ඉවත්කළ යුතු බවයි. නමුත් ගාල්ල දිස්ත්‍රික්කය පමණක් උදාහරණයට ගත් විට ගාල්ලේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා ඒකකය ලබා දී ඇති දත්ත නිවැරදි නොවන බව rata.lk අපි සනාථ කර පෙන්වූවෙමු.

අනෙක් දිස්ත්‍රික්කවල ද තත්ත්වය එයයි. ගාල්ලේ වසංගත රෝග ඒකකය භාර වසංගත රෝග වේදඥවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියෙකි. ඔවුන් කරන්නේ තමන් විසින් ම දත්ත විකෘති කර එහි වරද වෙනත් අය පිට පටවා තමන් ඔවුන් බිලී බෑම බව එයින් පැහැදිලි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!