spot_img
spot_imgspot_img

කරාපිටිය‍ේ “සහන සත්කාර මධ්‍යස්ථානයත්” GMOA උදුරා ගැනීමට සැරසෙයි

පුවත්

විදෙස්

තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් සුවකළ නොහැකි රෝගීන් වෙනුවෙන් ඉදිකරන ලද කරාපිටිය ශික්ෂණ රෝහලේ “සහන සත්කාර මධ්‍යස්ථානය” ‍කොරෝනා ආසාදිත වෛද්‍යවරුන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ලබාදෙන ලෙස කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීමක දී රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විසින් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහල් පාලන අධිකාරියට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින අතර කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් ගණනාවක දී ම එම ඉල්ලීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් විසින් සිදුකරන බව එම කමිටු රැස්වීමට සහභාගීවන සෞඛ්‍ය නිලධාරීහු කියති.

මෙම සහන සත්කාරක මධ්‍යස්ථානය ඉදිකරන ලද්දේ කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාගේ සංකල්පයකට අනුව විවිධ පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙනි. කරාපිටිය ශික්ෂණ රෝහලේ 65 වැනි වාට්ටුව ලෙස දැනට පවත්වාගෙන යන මෙම සහන සත්කාර මධ්‍යස්ථානය වෙන් කර ඇත්තේ පිළිකා ඇතුළු රෝගවලින් පීඩා විඳින තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව කළ නොහැකි බවට වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලබන රෝගීන්ට තම ජීවිතයේ අවසන් දින කිහිපය වෛද්‍ය හා හෙද සත්කාර ඇතිව ගතකිරීම සඳහාය.

සුපිරි හෝටල් කාමරයක පහසුකම් සහිත කාමරවලින් සහ රෝගී ශාලා දෙකකින් සමන්විත මෙම ඒකකයේ නවාතැන් ගන්නා රෝගීන් සඳහා සියලු ආහාර පාන සහ ඖෂධ පවා එම ස්ථානයෙන් සපයයි. මෙම සහන සත්කාර මධ්‍යස්ථානය ඉදිකරන වකවානුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම ඒකකය විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාගේ පුද්ගලික බූදලයක් මෙන් පවත්වාගෙන යාමට ඉදිකරනු ලබන්නක් බවටත් මෙවැනි දේ නොකළ යුතු බවටත් චෝදනා කළහ.

එම ඒකකය ආරම්භ කළ පසු දිනක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාව පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙම ප්‍රදේශය මුදා නොගත් කලාපයක් බවයි. එය ක්‍රිසන්ත පෙරේරා වෛද්‍යවරයාගේ ආධිපත්‍ය්‍යට නතු වී ඇති බව ද ඔවුහු කීහ.

දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරමින් සිටින්නේ කොරෝනා සහන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සහන සත්කාර මධ්‍යස්ථානය වෙන්කර එහි ආධිපත්‍යය අත්පත් කරගැනීමට ද යන්න පිළිබඳ සැකයක් මතුව තිබේ.

වෛද්‍යවරුන්ට ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍යනම් කරාපිටිය ශික්ෂණ රෝහල අසළ ඉදිකර වැඩ අවසන් කර ඇති හලේමුත් කෝල් රෝහලේ කොටසක් හෝ කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ ම ඉදිකිරීම් අවසන් කර ඇති වකුගඩු ඒකකය යොදා ගැනීමට හැකි බව ද rata.lk අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිහිපත් කරන්නෙමු.

2 COMMENTS

Leave a Reply to Chanchun Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!