spot_img
spot_imgspot_img

වසංගත රෝග ප්‍රධානිය ඉවත්කිරීමේ GMOA කුමන්ත්‍රණයක් ?

පුවත්

විදෙස්

වසංගත රෝග විද්‍යා අංශයෙන් ලබා දෙන කොරෝනා දත්තවල ගැටලු සහගත තත්ත්වයක් ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ලබාදෙන උපදෙස් පිළිනොගෙන එම කාර්යය ආවරණය කිරීමට සහ අධීක්ෂණය කිරීමට නියෝජ්‍ය මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කරන්න යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිනියගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ පිළිබඳ අදහස දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මෙසේ පවසයි.

“කොරෝනා දත්ත බෙදා නොගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය ඇමතිනියට අද කිව්වා වසංගත රෝග විද්‍යා ප්‍රධානියාගේ උපදෙස් නොගෙන ඒ කටයුතු ආවරණය කිරීම සහ අධීක්ෂණය කිරීම නියෝජ්‍ය මහජන සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයෙක් වෙත දෙන්න කියලා. එවිට ඔහු දෙන දත්ත පමණක් අරගෙන නිශ්චිත තීරණ අනුව කටයුතු කිරීමට අපේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කළා. මේ ගැන අපි අපේ ශාඛා සමිතිවලටත් දැනුම් දෙනවා. නිවැරදි දත්ත නොපෙන්වා නිශ්චිත සිතියම් පෙන්වන්නේ නැතිව රජය නොමග යවමින් ඉන්නේ. මේ ගැන සෞඛ්‍ය ඇමතිතුමිය පිළිගත්තා.”

ඔහු එසේ කීව ද rata.lk මාස කිහිපයක සිට අනාවරණය කළ කරුණක් පිළිබඳ පාඨක අවධානය යොමු කරන්නෙමු. ගාල්ල දිස්ත්‍රික්කයේ වසංගත රෝග වේදඥ ලෙස කටයුතු කරන්නේ ව්‍යෛ වෙනුර සිංගාරච්චිය. ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයෙකි. නිලධාරියෙකි. ඔහු නිරන්තරවම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටියි. ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා සම්බන්ධ තොරතුරු සැපයීමේ දී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන බව අපි සාධක ඇතිව පෙන්වා දුන්නෙමු.

එහි ප්‍රතිඵලය වූයේ ඊට පසු දිනයේ මී දකුණු පළාත් තොරතුරු මධ්‍යස්ථානයේ කොරෝනා නිල තොරතුරු ලේඛනය වෙනස් කිරීමයි. එමෙන්ම සෑම දිනකම නිවැරදි දත්ත ඉදිරිපත් කළ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල facebook පිටුව ද යාවත්කාලීන කිරීම නවතා දමා තිබේ.

මෙයට තවත් පසුබිම් කතාවක් තිබේ. වසංගත රෝග අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එම ධූරයට පත්වූ දිනයේ සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහුට විරුද්ධව විවිධ කටයුතු කර තිබේ. විවිධ චෝදනා නගා තිබේ. ඔවුන් මේ සැරසෙන්නේ ප්‍රාදේශීයව සිටින තම සාමාජිකයන් යොදාගෙන හිතාමතාම රටේ කොරෝනා තොරතුරු විකෘති කර ඉන් පසු ඒ වරද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මත පටවා ඔහු ඉවත්කර ගැනීමයි. ඔවුන් යෝජනා කරන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවශ්‍යතාවට එම තනතුරට පත්කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබෙන බව අපි rata.lk පාඨකයන් වෙනුවෙන් ලියා තබන්නෙමු.

අනාගතයේ දී සියල්ල තේරුම්ගත හැකිවනු ඇත.

වීඩියෝව පහතින්

blob:https://web.facebook.com/6af54a5f-8c53-4d12-b5ae-ce8e8a581b6d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!