spot_img
spot_imgspot_img

හිස නැති මළ සිරුරක් හමුවේ. හිස බෑගයක දමලා

පුවත්

විදෙස්

හිස සිරුරින් වෙන් කළ මළ සිරුරක් ‍ඇහැළියගොඩ, මින්නාන ප්‍රදේශයෙන් හමුවූ බව පොලිසිය පවසයි.

මෙලෙස මරා දමා ඇත්තේ 24 හැවිරිදි වියේ පසු වූ අවිස්සාවෙල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව හඳුනාගෙන ඇත.

මළ සිරුරේ කඳ කොටස මාර්ගයක් අසළ තිබූ සොයාගෙන ඇති අතර අවට පරීක්ෂා කිරීමේ දී එම ස්ථානයට මීටර 100ක් පමණ දුරින් හමුවූ බෑගයක තිබී හිස සොයාගෙන තිබේ. පොලිසිය පවසන්නේ මෙම තරුණයාට මීට වසරකට පමණ පෙර ඝාතන චෝදනා එල්ල වී තිබූ බවයි. ඒ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

මෙම ඝාතනය සම්න්ධයෙන් ඇහැළියගොඩ පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

1 COMMENT

  1. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රධාන කාර්යාලයේ අද වෙනකොට හතර දෙනෙක් කොරෝනා positive වෙලා. සියලු දෙනාම සුළු සේවකයින් රියදුරන් සහ කාර්යාල කාර්ය සහයකවරුන් සහ මුරකරුවන්.

    තවත් සුළු සේවකයින් කීප දෙනෙක් ඉන්නවා සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන සමහරෙක් PCR පරීක්ෂණ වලට යොමුවෙලා ප්‍රතිඵල ලැබෙනකම් බලාගෙන ඉන්නවා.

    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් සාමාන්‍යධිකාරී පුෂ්පා ගෙන් ඉල්ලා සිටියා රාජකාරි කරන අවස්ථාවේදී තමන්ට කොරෝනා වලින් ආරක්ෂා වීමට අවශ්‍ය මුඛ ආවරණ සහ මුහුණු ආවරණ ලබා දෙන්න කියල. නමුත් පුෂ්පා ඒ කිසිවක් ලබා දුන්නේ නෑ.

    දුප්පත් සුළු සේවකයින් භාවිතා කරන්නේ ගෙදරදී රෙදි වලින් හදාගත්තු මුඛ ආවරණ. හැමදාම නියමිත ප්‍රමිතිය ඇති මුඛ ආවරණ මිලදී ගන්න ඔවුන්ට වත්කමක් නෑ. එලෙස සකස් කරගන්නා මුඛ ආවරණ වලින් ඔවුන්ට සහ අනෙක් අයට ආරක්ෂාවක් ඇත්තේ නෑ.

    පුෂ්පාගෙ අනාරක්ෂිත පාලනය යටතේ තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සේවකයින් ස්වේච්ඡාවෙන් ම වැඩට ආවේ නෑ . පුෂ්පා වැඩට ආවෙත් නෑ.

    එහෙම තියෙද්දි ගණකාධිකාරිවරයා සහ වැඩබලන නියෝජ්‍ය සමාන්‍යාධිකාරි තනතුරක කටයුතු කරන ගුණවර්ධන නැමැත්තා තෝරාගත් සේවිකාවන්ට වැඩට එන්න කියනවා.

    මොවුන් දෙදෙනා හොර පාරෙන් කොරෝනා එන්නත් ලබාගෙන ඇති බව ද දැනගන්නට ලැබී ඇත. ඒ නිසා තමයි මොවුන් දෙදෙනා අනිත් අයගේ ජීවිත අනතුරේ දමමින් මෙලෙස කටයුතු කරන්නේ.

    ප්‍රධාන කාර්යාලයේ සිටින පුෂ්පා ඇතුළු මෙම මෝඩ, ආත්මාර්ථකාමි, දූෂිත ප්‍රධානීන් නිසා එහි සේවකයින් ජීවිත අවදානම්කින් පසුවෙනවා.

    මොවුන් හොර පාරෙන් එන්නත් ලබාගෙන වෙනත් අය සේවයට කැඳවමින් මෙවැනි විදියට අනතුරේ දැමීම මේ ආත්මයේ දඬුවම් ලැබෙන පවක් බව පෙන්වා දිය හැකිය.

    රාජ්කාරි කාලය තුළ කොරෝනාව වලින් ආරක්ෂා වීමට අවශ්‍ය සියලුම දේ ආයතනය වියදමින් සේවකයින්ද වහාම ලබා දී සහ සෞඛ්‍ය උපදෙස් මත අවශ්‍ය පරිපාලන තීරණ වහා රැගෙන සේවකයින් ආරක්ෂා කරන ලෙසට පුෂ්පා ගෙන් තදින්ම ඉල්ලා සිටිනවා.

Leave a Reply to wanura Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!