spot_img
spot_imgspot_img

ගාල්ල නගර සභාවේ සායන සියල්ල අඟුළු දමයි. වෛද්‍යවරු ඉවත් කරයි ?

පුවත්

විදෙස්

ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් පවත්වාගෙන ගිය සියලුම සායන අද (19) උදෑසන දොරගුළු දමා වසා තිබිණි.

නගරාධිපති ප්‍රියන්ත සහබන්දු විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙලෙස සායනික පරිශ්‍රයන් වසා දමා තිබුණු අතර වෛද්‍ය සරා බර්ට්‍රම් ද සිල්වා සහ වෛද්‍ය චන්දන සේනානායක මහ නගර සභා‍ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රාජකාරී කටුයතුවලින් ඉවත්කර ඇති බව දැක්වෙන බැනරයක් ද මහ නගර සභාව ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබිණි.

මේ අනුව අද ගාල්ල මහ නගර සභාවේ සායන පරිශ්‍රයන් 12 ම වසා දමා තිබූ අතර ඒ කිසිම ස්ථානයක සායනික කටයුතු සිදුකෙරුණේ නැත.

මේ සම්බන්ධයෙන් විස්තර දැනගැනීම සඳහා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වූයේ නැත. නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස්ගෙන් විමසීමේ දී කියා සිටියේ මහ නගර සභාවේ වෛද්‍යවරු තමන් සමඟ ඇති වූ ගැටලුවක් පදනම් කරගනිමින් දිගින් දිගටම සේවයෙන් ඉවත්ව සිටි බවයි. ඉන් පසු දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ද උපදෙස් සහිතව ඔවුන් වෙනම පරිශ්‍රයකට වී රාජකාරී කටයුතුවල යෙදීමට උත්සාහ දරණ බවත් ඒ සඳහා නගර සභාවේ අනුමැතියක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

වෛද්‍යවරුන් නගර සභාවෙන් ඉවත්වී සිටීම හේතුවෙන් ඔවුන්ගේ වැටුප් ගෙවීම ද නගර සභාව විසින් නවතා තිබිණි. මේ අතර එම වෛද්‍යවරුන්ගේ පුද්ගලික ලිපිගොනු සයිල්ල ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට කැඳවා තිබූ අතර ඔවුන්ට වැටුප් ගෙවීමේ වගකීම ද එම කාර්යාලයට ම පවරා තිබේ. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද වෛද්‍යවරු විසින් පවත්වාගෙන යන කාර්යාලයට අනුයුක්ත කරන ලෙස ආණ්ඩුකාරවරයා නියෝග කර තිබූ බැවින් මාස තුනක කාලයක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂවකරු පිරිසක් එම ස්ථානයට අනුයුක්ත කර තිබිණි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසන්නේ ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහා වෛද්‍යවරු දෙදෙනකු බඳවා ගැනීමට ඉල්ලුම්පත්‍ර කැඳවා ඇති බැවින් එම බඳවා ගැනීම් ඉදිරි දින කිහිපයේ දී සිදුකරන බවයි. එබැවින් මෙතෙක් සිටි වෛද්‍යවරු දෙදෙනා නගර සභාවේ සේවය හැර ගොස් ඇතැයි සළකන බව ද හෙතෙම පැවසීය.

මේ පිළිබඳ නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර ගෙන් විමසූ විට මෙසේ කීවේය.

“මේ ගැටලුව කාලයක සිට තිබුණා. වෛද්‍යවරු නගර සභාවේ රාජකාරී කරන්න බෑ කියා ඉවත්ව ගියා. සෞඛ්‍ය අංශය මහ නගර සභාවේ. වෛද්‍යවරුන්ට තවදුරටත් මහ නගර සභාවේ සේවය කරන්න බැහැ කියූ නිසා නගර සභාව තීරණය කළා මහ නගර සභා ආඥාපනතේ බලතල අනුව වෛද්‍යවරු නගර සභාවට බඳවාගැනීමට. එය ඉතාමත් ඉක්මණින් සිදුකරනවා. සායනික ස්ථානයන් වසා දැමීමට නගරාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. මේ ගැටලුව අපි ඉතාමත් ඉක්මණින් විසඳනවා”

1 COMMENT

  1. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රධාන කාර්යාලයේ අද වෙනකොට හතර දෙනෙක් කොරෝනා positive වෙලා. සියලු දෙනාම සුළු සේවකයින් රියදුරන් සහ කාර්යාල කාර්ය සහයකවරුන් සහ මුරකරුවන්.

    තවත් සුළු සේවකයින් කීප දෙනෙක් ඉන්නවා සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන සමහරෙක් PCR පරීක්ෂණ වලට යොමුවෙලා ප්‍රතිඵල ලැබෙනකම් බලාගෙන ඉන්නවා.

    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් සාමාන්‍යධිකාරී පුෂ්පා ගෙන් ඉල්ලා සිටියා රාජකාරි කරන අවස්ථාවේදී තමන්ට කොරෝනා වලින් ආරක්ෂා වීමට අවශ්‍ය මුඛ ආවරණ සහ මුහුණු ආවරණ ලබා දෙන්න කියල. නමුත් පුෂ්පා ඒ කිසිවක් ලබා දුන්නේ නෑ.

    දුප්පත් සුළු සේවකයින් භාවිතා කරන්නේ ගෙදරදී රෙදි වලින් හදාගත්තු මුඛ ආවරණ. හැමදාම නියමිත ප්‍රමිතිය ඇති මුඛ ආවරණ මිලදී ගන්න ඔවුන්ට වත්කමක් නෑ. එලෙස සකස් කරගන්නා මුඛ ආවරණ වලින් ඔවුන්ට සහ අනෙක් අයට ආරක්ෂාවක් ඇත්තේ නෑ.

    පුෂ්පාගෙ අනාරක්ෂිත පාලනය යටතේ තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සේවකයින් ස්වේච්ඡාවෙන් ම වැඩට ආවේ නෑ . පුෂ්පා වැඩට ආවෙත් නෑ.

    එහෙම තියෙද්දි ගණකාධිකාරිවරයා සහ වැඩබලන නියෝජ්‍ය සමාන්‍යාධිකාරි තනතුරක කටයුතු කරන ගුණවර්ධන නැමැත්තා තෝරාගත් සේවිකාවන්ට වැඩට එන්න කියනවා.

    මොවුන් දෙදෙනා හොර පාරෙන් කොරෝනා එන්නත් ලබාගෙන ඇති බව ද දැනගන්නට ලැබී ඇත. ඒ නිසා තමයි මොවුන් දෙදෙනා අනිත් අයගේ ජීවිත අනතුරේ දමමින් මෙලෙස කටයුතු කරන්නේ.

    ප්‍රධාන කාර්යාලයේ සිටින පුෂ්පා ඇතුළු මෙම මෝඩ, ආත්මාර්ථකාමි, දූෂිත ප්‍රධානීන් නිසා එහි සේවකයින් ජීවිත අවදානම්කින් පසුවෙනවා.

    මොවුන් හොර පාරෙන් එන්නත් ලබාගෙන වෙනත් අය සේවයට කැඳවමින් මෙවැනි විදියට අනතුරේ දැමීම මේ ආත්මයේ දඬුවම් ලැබෙන පවක් බව පෙන්වා දිය හැකිය.

    රාජ්කාරි කාලය තුළ කොරෝනාව වලින් ආරක්ෂා වීමට අවශ්‍ය සියලුම දේ ආයතනය වියදමින් සේවකයින්ද වහාම ලබා දී සහ සෞඛ්‍ය උපදෙස් මත අවශ්‍ය පරිපාලන තීරණ වහා රැගෙන සේවකයින් ආරක්ෂා කරන ලෙසට පුෂ්පා ගෙන් තදින්ම ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!