spot_img
spot_imgspot_img

සවුත්ලන්ඩ්ස් වැඩ බලන විදුහල්පති නිරෝධායන රෙගුලාසි කඩමින් වැඩ භාර ගනී

පුවත්

විදෙස්

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇති ශාන්ති සෙනෙවිරත්න අද (19) උදෑසන නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එම ධූරයේ වැඩ භාරගත්තාය.

කොරෝනා වසංගතය වේගයෙන් පැතිරයන බැවින් කවර ආකාරයේ හෝ උත්සව පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් පවා නිකුත් කර තිබිය දී ඇය විදුහල්පතිධූරයේ වැඩි බැලීමේ කාර්යය ආරම්භ කළේ විදුහලේ සිසුවියන් කිහිප දෙනකු, ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්, පාසල් සංවර්ධන සමිතියේ නියෝජිත පිරිසක්, පාසල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ මාධ්‍යවේදීහු ද සහභාගී වී සිටියහ.

මෙම අවස්ථාවේ දී වැඩබලන විදුහල්පති ලෙස සිය රාජකාරී ආරම්භ කළ ශාන්ති සෙනෙවිරත්න කේක් කපා එය සැමරූ අතර පැමිණ සිටි පිරිස සඳහා සංග්‍රහයක් ද පැවැත්විණි.

පැමිණ සිටි සෑම අයකුම මුඛ ආවරණ පැළඳ සිටිය ද සමාජ දුරස්ථභාවය සෑම අවස්ථාවක දී ම තබා ගැනීමට ඔවුන් සමත්වී නැති බව උත්සවයේ ඡායාරූප ශාක්ෂි දරයි. කෙසේ වෙතත් රජයේ නියෝගය වන්නේ කිසිදු ආකාරයක රැස්වීම් හෝ උත්සව පැවැත්විය නොහැකි බවයි. විවාහ මංගල උත්සවයක් පවා උපරිම 15 දෙනකුට සීමා කර තිබිය දී 40ක පමණ පිරිසක් සහභාගී වූ මෙම උත්සවය නීති විරෝධීය.

මේ පිළිබඳ අප දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියගේ මෙම වැඩ භාරගැනීම සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීමක් බවයි. කොරෝනා සම්බන්ධයෙන් පවත්වන රැස්වීම් පවා උපරිම පුද්ගලයන් 10 දෙනකුට සීමා කරන්න යැයි දැනුම් දී තිබිය දී මෙවැනි කාර්යයන් නීති විරෝධී බව ඔහු කියා සිටියේය.

ශාන්ති සෙනෙවිරත්න මීට ඉහත සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ස්ථිර විදුහල්පිතිනිය ලෙස සේවය කළාය. එම කාලයේ දී ඇයට එල්ලවූ චෝදනා හේතුවෙන් ඇය එම ධූරයෙන් ඉවත් කර පරීක්ෂණයක් ද පැවැත්විණි.

ඇය ධූරයෙන් ඉවත් කළ කාලයේ පවා ඇය කියා සිටියේ තමන් කවදා හෝ නිවැරදිකාරිය වී නැවත සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩභාරගන්නා බවයි. දැන් ‍අගේ අපේක්ෂාවන් සඵල වී තිබේ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ධූරයේ කටයුතු කරමින් ඇයට සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ බැලීමට අවස්ථාව ලැබී තිබේ.

මෙම පත්වීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයයකු කියා සිටියේ ඇගේ පත්වීම වැඩබැලීම සඳහා කරන ලද පත්කිරීමක් මිස ස්ථිර විදුහල්පති පත්කිරීමක් නොවන බවයි.

(ඡායාරූප – මාධ්‍යවේදී ලලිත් චාමින්ද ගේ faceboo profile එකෙනි)

6 COMMENTS

  1. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රධාන කාර්යාලයේ අද වෙනකොට හතර දෙනෙක් කොරෝනා positive වෙලා. සියලු දෙනාම සුළු සේවකයින් රියදුරන් සහ කාර්යාල කාර්ය සහයකවරුන් සහ මුරකරුවන්.

    තවත් සුළු සේවකයින් කීප දෙනෙක් ඉන්නවා සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන සමහරෙක් PCR පරීක්ෂණ වලට යොමුවෙලා ප්‍රතිඵල ලැබෙනකම් බලාගෙන ඉන්නවා.

    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් සාමාන්‍යධිකාරී පුෂ්පා ගෙන් ඉල්ලා සිටියා රාජකාරි කරන අවස්ථාවේදී තමන්ට කොරෝනා වලින් ආරක්ෂා වීමට අවශ්‍ය මුඛ ආවරණ සහ මුහුණු ආවරණ ලබා දෙන්න කියල. නමුත් පුෂ්පා ඒ කිසිවක් ලබා දුන්නේ නෑ.

    දුප්පත් සුළු සේවකයින් භාවිතා කරන්නේ ගෙදරදී රෙදි වලින් හදාගත්තු මුඛ ආවරණ. හැමදාම නියමිත ප්‍රමිතිය ඇති මුඛ ආවරණ මිලදී ගන්න ඔවුන්ට වත්කමක් නෑ. එලෙස සකස් කරගන්නා මුඛ ආවරණ වලින් ඔවුන්ට සහ අනෙක් අයට ආරක්ෂාවක් ඇත්තේ නෑ.

    පුෂ්පාගෙ අනාරක්ෂිත පාලනය යටතේ තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සේවකයින් ස්වේච්ඡාවෙන් ම වැඩට ආවේ නෑ . පුෂ්පා වැඩට ආවෙත් නෑ.

    එහෙම තියෙද්දි ගණකාධිකාරිවරයා සහ වැඩබලන නියෝජ්‍ය සමාන්‍යාධිකාරි තනතුරක කටයුතු කරන ගුණවර්ධන නැමැත්තා තෝරාගත් සේවිකාවන්ට වැඩට එන්න කියනවා.

    මොවුන් දෙදෙනා හොර පාරෙන් කොරෝනා එන්නත් ලබාගෙන ඇති බව ද දැනගන්නට ලැබී ඇත. ඒ නිසා තමයි මොවුන් දෙදෙනා අනිත් අයගේ ජීවිත අනතුරේ දමමින් මෙලෙස කටයුතු කරන්නේ.

    ප්‍රධාන කාර්යාලයේ සිටින පුෂ්පා ඇතුළු මෙම මෝඩ, ආත්මාර්ථකාමි, දූෂිත ප්‍රධානීන් නිසා එහි සේවකයින් ජීවිත අවදානම්කින් පසුවෙනවා.

    මොවුන් හොර පාරෙන් එන්නත් ලබාගෙන වෙනත් අය සේවයට කැඳවමින් මෙවැනි විදියට අනතුරේ දැමීම මේ ආත්මයේ දඬුවම් ලැබෙන පවක් බව පෙන්වා දිය හැකිය.

    රාජ්කාරි කාලය තුළ කොරෝනාව වලින් ආරක්ෂා වීමට අවශ්‍ය සියලුම දේ ආයතනය වියදමින් සේවකයින්ද වහාම ලබා දී සහ සෞඛ්‍ය උපදෙස් මත අවශ්‍ය පරිපාලන තීරණ වහා රැගෙන සේවකයින් ආරක්ෂා කරන ලෙසට පුෂ්පා ගෙන් තදින්ම ඉල්ලා සිටිනවා.

  2. අද දින දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලයේ කොරෝනා positive වෙලා තියෙන්නෙ එහි සේවය කළ කාර්යාල කාර්ය සහයකවරයෙක්. ඔහු ප්‍රධාන කාර්යාලයේ තේ සකස් කර සෑම කෙනෙකු ළඟටම ගිහින් තේ ලබා දෙන කෙනා. ඒ අනුව ගාල්ල ප්‍රධාන කාර්යාලය තුළ සේවය කරන්න ලද සියලුම දෙනාට කොරෝනා අවදානම තියෙනවා. ඒක නිසා පළමුවෙන්ම ප්‍රධාන කාර්යාලය වසා දමනවා සියලු දෙනාටම PCR පරීක්ෂණ සිදුකරලා ඒවගෙන් ලැබෙන ප්‍රතිඵල අනුව තමයි කාර්යාලය තුල රාජ්කාරි කළ යුතු ආකාරය තීරණය කරන්න වෙන්නේ.

    හැබැයි පුෂ්පා ඕක කරයිද කියලා හිතන්න බෑ. කොරෝනා එන්න කලින් පුෂ්ප හා පුෂ්පගේ ගෝලයෝ සිදුකළ චෙක්පත් වංචා ඇතුළු රුපියල් මිලියන 12 ක ඒබීසී මිශ්‍ර ගල් වංචා ගැන එළිදරව් වුණා. ඒ වගේම තව තවත් බරපතළ වංචා හෙළිදරව් වුණා. බොහෝ ඒවාට අනුබල දීලා තියෙන්නේ පළාත් සභාවේ ප්‍රධානීන්. රජයේ විගණන නිලධාරීන්ද ඒක පිටිපස්සේ පුෂ්පාගේ උදව්වට හිටිය. ඒවා පවත්වාගෙන යෑමට pushpa ට කාර්යාලය විවෘත කරගෙන පවත්ව ගෙන යන්න ඕන වෙනවා. බලමු මොකක්ද කරන්නේ කියලා.

  3. ආණ්ඩුකාර තුමනි ! වැඩබැරි දූෂිත සාමාන්‍යධිකාරි වහාම තනතුරින් ඉවත් කර සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න.

  4. අද දින දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙ ගණකාධිකාරිවරයා ක්ෂේත්‍ර නිලධාරියෙක් නෙමෙයි. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ SP_GU 2538 යන කැබ් රථය මොහුගේ යටතේ තියාගෙන ඉන්න වාහනයක්. එකෙ running chart එක පරික්ෂා කිරීමේදී විගණනයට හෙළිදරව් වුණා සෑම දිනකම ගණකාධිකාරීවරයාගේ උපදෙස් මත කියා උදේ 7.00 ඉඳලා රාත්‍රී 7.30 විතර වෙනකන් ධාවනය කරලා කියලා බොරුවට වෙලාව දාලා පැය 12 ගණනේ සංයුක්ත දීමනා සහ අතිකාල දීමනා අරගෙන බව. ඒවට පුෂ්පා no action.ඔය එක වාහනයකින් ගණකාධිකාරිවරයා කර ඇති රුපියල් ලක්ෂ ගණනක වංචාවක් පමණයි. ඒ වංචාවට අදාල අලාභය අද වෙනකන් කාගෙන්වත් අයකරගෙන නැහැ. එහෙම කරන පුෂ්පා සේවකයින්ට මුඛ ආවරණ සහ මුහුණු ආවරණ ලබාදෙන්න මුදල් වියදම් කරන්නේ නෑ.

  5. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙ ගණකාධිකාරිවරයා ක්ෂේත්‍ර නිලධාරියෙක් නෙමෙයි. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ SP_GU 2538 යන කැබ් රථය මොහුගේ යටතේ තියාගෙන ඉන්න වාහනයක්. එකෙ running chart එක පරික්ෂා කිරීමේදී විගණනයට හෙළිදරව් වුණා සෑම දිනකම ගණකාධිකාරීවරයාගේ උපදෙස් මත කියා උදේ 7.00 ඉඳලා රාත්‍රී 7.30 විතර වෙනකන් ධාවනය කරලා කියලා බොරුවට වෙලාව දාලා පැය 12 ගණනේ සංයුක්ත දීමනා සහ අතිකාල දීමනා අරගෙන බව. ඒවට පුෂ්පා no action.ඔය එක වාහනයකින් ගණකාධිකාරිවරයා කර ඇති රුපියල් ලක්ෂ ගණනක වංචාවක් පමණයි. ඒ වංචාවට අදාල අලාභය අද වෙනකන් කාගෙන්වත් අයකරගෙන නැහැ. එහෙම කරන පුෂ්පා සේවකයින්ට මුඛ ආවරණ සහ මුහුණු ආවරණ ලබාදෙන්න මුදල් වියදම් කරන්නේ නෑ.

  6. පුෂ්පාගේ සහ හොර ගෝලයන්ගේ උපදෙස් අනුව කටයුතු කරන සේවකයින්ට දැනගන්න මෙන්න මේ වීඩියෝ එක ඉදිරිපත් කරනවා. ඒකෙ තියනවා ඒක මෝඩ මුව නායිකාවක් ලබාදුන් නියෝගයක් නිසා මුළු කණ්ඩායටම මුහුණ දෙන්න සිදුවුන විනාශය. ඒක නිසා කොරෝනා සමඟ පරිස්සමෙන්.

    https://www.youtube.com/watch?v=wgKzAxFeA5s

Leave a Reply to rohita Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!