spot_img
spot_imgspot_img

අධ්‍යාපනයේ දෙබිඩි පිළිවෙත. මහින්දයට වසර 07කින් විදුහල්පති නෑ. මාසයකින් සවුත්ලන්ඩ්ස් විදුහල්පති එයි

පුවත්

විදෙස්

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස එහි හිටපු විදුහල්පතිනී ශාන්ති සෙනෙවිරත්න හෙට (19) වැඩ භාරගැනීමට නියමිතය. සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය පසුගිය අප්‍රේල් 09 වැනි දින විශ්‍රාම ලැබීමෙන් පසු මාස එකහමාරක් ගතවීමට පෙර පුරප්පාඩු වූ ධූරයට විදුහල්පතිනියක පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කඩිනමින් කටයුතු කර තිබේ.

එසේ වුවද ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිධූරය පුරප්පාඩු වී දැනට වසර 07කට ආසන්න කාලයක් ගත වී ඇතත් ස්ථිර විදුහල්පතිවරයකු පත්කර නැත.

හෙට දිනයේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස රාජකාරී ආරම්භ කරන ශාන්ති සෙනෙවිරත්න මහින්ද විද්‍යාලයේ විදුහල්තිධූරයට ද අයදුම් කර තිබිණි.

මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයට අයදුම් කළ අතුල නානායක්කාර එම ධූරයට තෝරා රාජ්‍ය සේවා කොමිසම වෙත අනුමැතිය සඳහා යවා තිබිණි. රාජ්‍ය සේවා කොමිසම මහින්ද විද්‍යාලයට තෝරාගෙන ඇති විදුහල්පතිවරයා සඳහා පසුගිය අප්‍රේල් 08 වැනි දා අනුමැතිය ලබා දී තිබිණි.

නමුත් මේ දක්වාම මහින්දයට පත්වීමට නියමිත විදුහල්පතිවරයාට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.පෙරේරා පත්වීමේ ලිපිය ලබා දී නැත. වසර 07ක් විදුහල්පතිවරයකු නොමැතිව වැඩ ආවරණය කරන ගාමිණී ජයවර්ධන නමැති උප විදුහල්පතිවරයා සිය දේශපාලන හිතමිතුරන්ගේ මාර්ගයෙන් ධූරයේ රැඳී සිටීමට බලවත් උත්සාහයක් ගන්නා බවත්, එයට තමන් නතු නොවන බවත් පැවසූ මහාචාර්ය පෙරේරා දැන් දේශපාලනයට නතුවී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඔහු පවසන්නේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් එම පත්වීම ප්‍රමාද කරන ලෙස තමන්ට පැවසූ බවයි. ඒ අනෙක් විදුහල්පතිවරුන්ගේ පත්වීම් ද සමඟ මහින්දයේ විදුහල්පතිවරයාට ද පත්වීම දීමට අව්‍ය බැවින් යැයි ද ඔහු අප සමඟ කීවේය.

එක් එක් විදුහල් සඳහා දේශපාලන බලපෑම් මත ක්‍රියාකරන අධ්‍යාපන ලේකම්වරයා මාසයක් විදුහල්පතිවරයකු නොමැතිව සිටි සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට විදුහල්පතිනියක් කඩි මුඩියේ ලබාදෙන අතර වසර 07ක් විදුහල්පතිවරයකු නොමැති ගාල්ලේ මහින්දයට රාජ්‍ය සේවා කොමිසමෙන් අප්‍රේල් 08 වැනි දා ධූරය අනුමත කරන ලද විදුහල්පතිවරයාගේ පත්වීමේ ලිපිය දෙන්නේ නැත.

මේවා සිදුවන්නේ දේශපාලන බලපෑම් මත බව අපට විශ්වාස කරන්නට සිදුව ඇත.

අධ්‍යාපන අමාත්‍ය තුමනි, අධ්‍යාපන ලේකම් තුමනි, රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයනි මේ ඔබේ අවධානය පිණිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!