spot_img
spot_imgspot_img

දකුණේ ‍අවදානම – සුව නොවූ පිරිස 3,493යි. 19,000ක් නිරෝධායනයේ

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය පැතිරීම අතින් දකුණු පළාත ඉතාමත් අවධානම් තත්ත්වයක ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ ලේඛන අනුව පෙනී යයි.

එම මධ්‍යස්ථානය විසින් නිකුත් කරන්නේ ව්‍යාජ තොරතුරු සහිත ලේඛන බව අපි සාධක ඇතුව සනාථ කළෙමු. ඉන් පසු ඊයේ (16) දිනයේ සිට ඉතාමත් ප්‍රශස්ථ මට්ටමක ලේඛනයක් ඉදිරිපත් කර ඇති අතර පැරණි දත්ත ඔවුන් නිවරදි නොකරනු ඇත.

කෙසේ වෙතත් මෙම දත්ත පිළිබඳ වැඩි විශ්වාසයක් නැතත් නිල දත්ත ලෙස නිකුත් කරන එ්වා මත පදනම්ව කොරෝනා තත්ත්වය පිළිබද අපට පැහැදිලි කිරීමට සිදුව ඇත.

මෙම ලේඛනය අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් බවට පත්වූ පුද්ගලයන් 19,160 දෙනකු දකුණේ ස්වයං නිරෝධායනයේ යෙදී සිටිති. ඔවුන් අතරින් වැඩිම පිරිසක් සිටින්නේ ගාල්ල දිස්ත්‍රික්යේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනයේ යෙදී සිටින පවුල් සංඛ්‍යාව 4,165ක් වන අතර පුද්ගලයන් සංඛ්‍යාව 10,249 කි. මාතර දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනයේ යෙදී සිටින පවුල් සංඛ්‍යාව 1,582ක් වන අතර පුද්ගලයන් සංඛ්‍යාව 4,938 දෙනෙකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1,551ක පුද්ගලයෝ 9,973 දෙනෙක් නිරෝධායනයට ලක්ව සිටිති.

මේ අතර දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වී ඇති කෙ‍ාරෝනා ආසාදිතයන් අතරින් තවමත් සුවය නොලැබූ පිරිස 3,493 දෙනෙකි. ඉන් වැඩිම සංඛ්‍යාවක් ගාල්ල දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව 1959 දෙනෙකි. මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වූ 1,098 දෙනකු මෙතෙක් සුවය ලබා නැත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුවය ලබා නැති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 436 දෙනෙකි.

ආසාදිත වී මෙතෙක් සුව නොවූ අයගෙන් වැඩි දෙනකු රෝහල්ගතව හෝ අතරමැදි කොරෝනා මධ්‍යස්ථානවල සිටින අතර සැළකිය යුතු පිරිසක් තවමත් නිවෙස්වලම රැඳී සිටිති.

දකුණේ ජනතාව තේරුම්ගත යුතු වන්නේ ඉතාමත් සීඝ්‍රයෙන් සහ පහසුවෙන් බෝවන කොරෝනා වැනි වසංගතයකට ගොදුරු වූ මෙවන් විශාල පිරිසක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ 19,120ක් දකුණේ සිටීම දැඩි අවදානම් තත්ත්වයක් බවයි. මේ අවදානම තේරුම් ගෙන හැකිතාක් නිවෙස්වල රැඳී සිටින ලෙසත් සෞඛ්‍ය උපදෙස් උපරිම අයුරින් පිළිපදින ලෙසත් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!