අක්මීමණ විද්‍යා පීඨයේ ප්‍රතිකාර නැතිව ආසාදිතයෙක් මරුට. වෛද්‍යවරු මඟහරී ?

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

ගාල්ල අක්මීමණ කුරුඳුවත්තේ පිහිටි ගුරු විද්‍යාපීඨයේ පිහිටුවා ඇති කොරෝනා අතරමැදි මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා නොකරන බවත් මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත අවධානමක් පවා පවතින බවත් එහි නේවාසිකව සිටින කොරෝනා ආසාදිත පුද්ගලයෝ කියති.

ඇතැම් පුද්ගලයන් මේ වනවිට විවිධ සම්බන්ධතා උපයෝගී කරගනිමින් එම ස්ථානයෙන් ඉවත්ව පුද්ගලික රෝහල්වලින් පවත්වාගෙන යන අතරමැදි මධ්‍යස්ථානවලට මුදල් ගෙවා ගොස් ඇත.

අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ කුරුඳුවත්ත විද්‍යා පීඨයේ ස්ථාපිත කර ඇති මෙම කොරෝනා අතරමැදි මධ්‍යස්ථානයේ ආසාදිත වූ 300කට ආසන්න පිරිසක් මේ වනවිට සිටින බවයි. රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂණ අඩුවෙන් පෙන්වන පුද්ගලයන් මෙවැනි අතරමැදි මධ්‍යස්ථාන වෙත යොමුකරන බව සෞඛ්‍ය අංශ පැවසුව ද මෙම ස්ථානයේ දී පසුගිය දිනක එක් පුද්ගලයකු මියගියේය.

එහිි නේවාසිකව සිටින ආසාදිතයන් පවසන්නේ මේ පුද්ගලයා මියගියේ කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොලැබීමෙන් බවයි. එහි නේවාසිකාගාරවල එක් කාමරයක ආසාදිතයන් දෙදෙනකු බැගින් සිටිති. මෙලෙස මියගිය පිරිමි පුද්ගලයා හදිසියේ ම ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් කාමරයේ සිටි අනෙක් පුද්ගලයා ඒ බව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දුන්න ද කිසිවෙකුත් පැමිණ නැත. අවසානයේ ඔහු විඳින වේදනාව ඉවසාගත නොහැකි වූ අනෙක් ආසාදිතයෝ ඔහු රැගෙන ආසාදිතයන්ගේ රුධිර පීඩනය, රුධිරගත සීනි තත්ත්ය, ඔක්සිජන් ප්‍රමාණය මනිනු ලබන ඒකකය වෙත රැගෙන ගිය ද මේ මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරු කිසිවෙකුත් මේ රෝගියා බැලීමට පැමිණ නැත.

මේ පිළිබඳ විස්තර කරන නේවාසිකව සිටින ආසාදිත වූ අයකු අප සමඟ මෙසේ කීවේය.

“මේ මධ්‍යස්ථානයේ වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා. ඒ අය අපිව දැකලවත් නෑ, ඇත්තටම හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අපිට උදව් කරනවා. රුධිරයේ සීනි, රුධිර පීඩනය විතරක් නෙවෙයි ඔක්සිජන් ප්‍රමාණයත් මැන ගන්නේ අපි විසින්මයි. වෛද්‍යවරු හිටියාට කිසිම වැඩක් නැහැ. අපි දන්නවා එයාලා ඉන්නේ  ෆෝන් එකේ. මේ මැරුණු පුද්ගලයා ඉතාමත් නිරෝගීව සිටියා. නමුත් හදිසියේම අසනීප වුණා. ඒ මොහොතේම වෛද්‍යවරුන්ට හෙදියන්ට දැනුම් දුන්නා මෙයාට අමාරුයි කියලා. විනාඩි 15ක් විතර යනකම් කිසිම කෙනෙක් ආවේ නෑ, බලාගෙන ඉන්න බැරි තැන අපිම මෙයාව උස්සගෙන අර පරීක්ෂණ කරන ස්ථානයට අරගෙන ගියා. එතනටවත් වෛද්‍යවරු ආවේ නැහැ. අපේම අය තමයි ඔක්සිජන් මට්ටම බැලුවේ. ශ්වසන ආධාරක හයිකරන්නවත් කෙනෙක් හිටියේ නෑ. අන්තිමේ දී අපි කෑ ගහනවිට හෙදියක් දුවගෙන ආවා. ඒ හෙදියන් අසරණයි. වෛද්‍යවරු කිසිම දෙයක් කරන්නේ නැහැ. එයා ඇවිත් කිව්වා ඒ පුද්ගලයා මැරිලා කියලා.”

මෙම ස්ථානයේ නේවාසිකව සිටි තවත් පුද්ගලයකු මෙසේ කීවේය.

“වෛද්‍යවරු ඉන්නවා. ඒ අය අපිත් එක්ක‍ෙ ලාකු සම්බන්ධයක් නෑ. දවසක් මට අපහසුතාවක් ඇවිත් කිව්වට පස්සේ නම් එයාලා ඉන්න පොලිතීන් ආවරණයෙන් පිටතට ඇවිත් පරික්ෂා කළලා. එදා මැරුණු පුද්ලයා පහළ ශාලාවට අරගෙන යනවිට වෛද්‍යවරු ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන හිටියේ නැහැ. ඒ ඇඳුම් අදින්න වෙලාවක් ගත වෙනවා. ඉතින් ඒවා අරගෙන ඇවිත් ඔක්සිජන් දෙන්න හදනවිට ඒ ඔක්සිජන් ටැංකිය ඉවර වෙලා. තව එක්ක ගේන්නත් ටික වෙලාවක් ගියා. දෙවැනි එක ගෙනවිත් උත්සාහ ගත්තත් ඒ පුද්ගලයා මිය ගිහින්. මෙතැන ප්‍රමාදයක් සිදුවුණා. නමුත් මම විශ්වාස කරනවා වෛද්‍යවරුන් පිටම වරද පටවන්න බැහැ කියලා. ඒ අයත් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ අය අපි අතරට ඇවිත් වැඩ කරන්න බැහැ. අපි රෝගීන් ඒ අයටත් බෝ වෙන්න පුලුවන්.”

ආසාදිත වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිතන්නේ සෞඛ්‍ය අංශවලින් ආසාදිත වූ අය අතරමැදි මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය පසු ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත වනබවයි. නමුත් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බව අක්මීමණ සිද්ධියෙන් පැහැදිලි වෙයි. ඔවුන්ට වෛද්‍යවරුන්ගේ රැකවරණයක් ලැබෙන්නේ නැත.

මේ සම්බන්ධයෙන් හෙද වෘත්තීය සමිති නියෝජිතයකු ද අපහට කරුණු දක්වමින් කියා සිටියේ අක්මීමණ කුරුඳුවත්තේ වෛද්‍යවරු දෙදෙනකු සිටින බවයි. ඔවුන් සියලු කාර්යයන් හෙදියන් පිට පවරා රෝගීන් පරීක්ෂා කිරීමෙන් වැළකී සිටින  බවයි. එමෙන්ම මෙම මධ්‍යස්ථාන සියල්ල ක්‍රියාත්මක වන්නේ එක්තරා වෛද්‍ය වෘත්තීය සමිතියක වුමනාවට බවත් ත්‍රස්තවාදී සංවිධානයක් මෙන් ක්‍රියාත්මකවන මෙම වෛද්‍ය වෘත්තීය සමිතිය ගන්නා සියලු වැරදි තීරණ ක්‍රියාත්මක කිරීමට තරම් රටේ සැළසුම් සකස්කරන්නන් ද බංකොලොත් වී සිටින බව හෙතෙම කීවේය. මේ සම්බන්ධයෙන් හෙද වෘත්තීය සමිති ඇතුළු සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ගණනාවක් සාකච්ඡා කර තීරණයක් ගැනීමට කටයුතු කරමින් සිටින බව ද හෙතෙම පැවසුවේය.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව...

දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි

කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!