spot_img
spot_imgspot_img

ගාල්ලේ මාගාල්ලේ කම්හළක පළමු ආශ්‍රිතයන් සේවයට කැඳවන බවට චෝදනා

පුවත්

විදෙස්

මාගාල්ලේ පිහිටි තම කර්මාතශාලාවේ කොරෝනා ආසාදිතයන් රැසක් හමු වී සිටිය දී ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ද ‍සේවයට කැඳවන බව හේලීස් සමාගමේ සේවකයෝ චෝදනා කරති.

සේවකයන් පවසන්නේ දැනට එම සමාගමේ ආසාදිතයන් 22ක් වාර්තා වී ඇති බවයි. මෙලෙස ආසාදිතයන් වාර්තා වී සිටිය දී පවා ව්‍යාපාරික බලවතුන් ගාල්ල දිස්ත්‍රික් වසංගත ‍රෝග විද්‍යා ඒකකයේ පිරිසක් සමඟ එක්ව එම තොරතුරු සඟවා ආශ්‍රිත වූ සේවක සේවිකාවන් පවා සේවයට කැඳවන බව ඔවුන්ගෙන් නැගෙන චෝදනාවකි.

ඊයේ (14) දිනයේ දී ද හේලීස් සමාගමේ කාර්යාල සේවිකාවක සඳහා ගාල්ල ආසිරි රෝහලේ පීසීආර් පරීක්ෂණයක් සිදුකර සේවයට කැඳවා තිබිණි.

නිරෝධායන නීතිය අනුව යම් අයකු පළමු පෙළ ආශ්‍රිතයකු වන්නේ නම් නිරෝධානය සඳහා යොමුවිය යුතු අතර පීසීආර් පරීක්ෂණයක් පැවැත්වූයේ නම් එම ප්‍රතිඵල පැමිණෙන තුරු නිවසේ නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය දෙයකි. එම පීසීආර් පරීක්ෂණය පැවැත්වීමට හේතුව පළමු පෙළ ආශ්‍රිතයකු වීම නම් පළමු පීසීආර් පරීක්ෂණය සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්නුව ද දින 14ක් නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ යුතුය.

සේවකයන් පවසන්නේ මෙම නිරෝධායන නීති තම ආයතනය විසින් අමු අමුවේ උල්ලංඝනය කරන බවයි.

මේ පිළිබඳ අපි හේලීස් සමාගමේ මානව සම්පත් කළමනාකරු ශාන්ත කුමාරගෙන් විමසූ විට හෙතෙම ‍මෙසේ කීවේය.

“අපේ කර්මාන්තශාලා දෙකේම ආසාදනය වෙලා තිබෙන්නේ 12 දෙනෙක් විතරයි. 22ක් කියන එක වැරදියි. ඔවුන්ගේ ආශ්‍රිතයන් සියළු දෙනාම නිරෝධායනයට යොමු කර තිබෙනවා. කාර්යාලයට කැ‍ඳෙව්ව කෙනාට පීසීආර් පරීක්ෂණයක් කරලා ඒක නෙගටිව් වුණා. ඒ නිසයි වැඩට ආවේ. අපි සියලු දේට පෙර බලන්නේ සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව. ඒ නිසා වරදක් සිදුවෙලා නැහැ. විධාය ශ්‍රේණියේ කිහිප දෙනෙකුට එන්නත් කර තිබෙන නිසා ඒ අය සේවය කරනවා.”

එම ආයතනයේ විධායක ශ්‍රේණියේ කිහිප දෙනකුට එන්නත් කර ඇත්තේ රජයෙන් එන්නත් කරන ලද ඇස්ට්‍රාසෙනිකා එන්නතයි. සෞඛ්‍ය හා රජයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පවා එම එන්නත නොලැබුණු තත්ත්වයක් තුළ පුද්ගලික සමාගම්වල විධයාක ශ්‍රේණියේ නිලධාරීන්ට එන්නත් ලැබුණේ හොර පාරෙනි. ගාල්ලේ එන්නත් වෛද්‍යවරුන් විසින් හොර පාරේ පුද්ගලික අංශයට ලබාදෙන බව අපි මීට පෙර හෙළි කළෙමු.

3 COMMENTS

  1. ඔය කියනවා වගේම ගාල්ලේ PRDA ප්‍රධානීන් කිහිප දෙනෙක් හොර පාරෙන් එන්නත් කරගෙන ඇති බව දැනගන්නට ලැබී ඇත. ප්‍රධාන කාර්යාලය තුළ එක් අයෙක් corona positive වෙලා තවත් කීප දෙනෙක් සැක සහිත රෝගී තත්වයන් පෙන්නුම් කර ඇත. ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. එසේ තිබියදී කලින් කී හොර පාරෙන් එන්නත් ලබාගෙන ඇති ප්‍රධානීන් විසින් සේවකයින් වැඩට කැඳවමින් ඔවුන් අනතුරට පත්කර තිබේ.

    මොවුන් හොර පාරෙන් එන්නත් ලබාගෙන ඇත්නම් එහිදී සිදු කර ඇත්තේ තවත් කෙනෙකුට ලබාදීමට නියමිතව තිබූ එන්නතක් හොරකම් කිරීමකි. කොටින්ම කියනවා නං වෙනත් අයෙකුගෙ ජීවිතයක් මංකොල්ල කෑමකි.එහෙම කරපු මේ මිනිස්සු තවත් සේවකයින් මෙවැනි විදියට අනතුරේ දැමීම මේ ආත්මයේ දඬුවම් ලැබෙන පවක් බව පෙන්වා දිය හැකිය.

  2. අද ගාල්ල PRDA ප්‍රධාන කාර්යාලයේ සාස්තර අප්පුහාමිගේ දවස.

    සුරූපිනියන් දෙන්නෙක් එක්ක අප්පුහාමි තනියම වැඩ

    සුරූපිනියන් ට අතිකාල, අප්පුහාමිට Fun එක.

    මල්ලි ඇඹරි ඇඹරි අද නියපොතු කාලා මදිවෙලා මදි පාඩුවට අර ගෑනිගෙ ටෙන්ඩර් පොතේ බාගයක්ම කාලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!