spot_img
spot_imgspot_img

ඩෙංගු සහායකයන්ට PCR භාරදීලා. අවදානම සාමාන්‍ය ජනතාවට

පුවත්

විදෙස්

පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීමේ කටයුතු ඩෙංගු සහායකයන්ට භාර දී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වේ.

මේ වනවිට දෛනිකව ඉතා විශාල පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට සිදුව ඇති බැවින් අද (14) මෙලෙස ඩෙංගු සහායකයන්ටත් එම පුද්ගලයන්ගේ ජෛව සාම්පල ලබාගැනීම පවාරා දී ඇතැයි සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ හෙද නිලධාරීහු චෝදනා කරති.

ඩෙංගු සහායකයන් බඳවාගෙන ඇත්තේ අවම වශයෙන් උසස් පෙළ විද්‍යා විෂයයන් හැදෑරීම හෝ සුදුසුකමක් ලෙස සළකමින් නොවේ. ඔවුන්ට සෞඛ්‍ය කටයුතු සම්බන්ධ කිසිදු පුහුණුවක් ද නැත. පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම සිදුකරනු ලබන හෙදියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද කොරෝනා වසංගතය ආරම්භවීමත් සමඟ විශේෂඥ වෛදයවරු යටතේ පුහුණුවක් ලබා ඇත. එවැනි තත්ත්වයක් තුළ කිසිදු සෞඛ්‍ය පුහුණුවක් නැති ඩෙංගු සහායකයන් විසින් පීසීආර් පරීක්ෂණ සඳහා පුද්ගලයන්ගෙන් ජෛව සාම්පල ලබා ගැනීම බරපතල වරදක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගය පවසයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් සිය විරෝධතාව ද පළ කර ති‌බේ.

1 COMMENT

Leave a Reply to madhawa siriwardhane Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!