spot_img
spot_imgspot_img

ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක් පවතින බැවින් පහත් බිම් ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් උපදෙස් ලබා දී තිබේ.

හිනිදුම හා තවලම ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කය පුරා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට ගිං ගඟ පිටාර මට්ටම ළඟා වී සුළු ගංවතුර තර්ජනයක් පවතින අතර පොල්අතුමෝදර ගඟ පිටාර ගැලීමෙන් යක්කලමුල්ල හා ඉමදුව ප්‍රදේශ ජලයෙන් යට වී තිබේ.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ පවසන්නේ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ නිවාස හා දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ලැබී නොමැති බවයි. එබැවින් පීඩාවට පත්වූ පවුල් හා අවතැන් වූවන් පිළිබඳ අද (14) උදෑසන 10.00 දක්වා තොරතුරු ලැබී නැත.

ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මෙසේ කීවේය.

“නෙළුව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් නැහැ. හිනිදුම ප්‍රදේශයට පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් තවමලම, හිනිදුම ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ වගේම හිනිදුම හා තවලම ආසන්න ප්‍රදේශයේත්, නාගොඩ ප්‍රදේශයෙත් ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ සුළු ගංවතුරක අවදානමක් තිබෙනවා. තවදුරටත් වැසි ඇද හැළුණොත් මේ තත්ත්වය භයානක වේවි. ජලය වේගයෙන් පහළට ගමන් කරමින් දැන් නියාගම, බද්දේගම ප්‍රදේශයේ ගඟෙහි ජල මට්ටම ඉහළ යනවා. මේ නිසා අපි පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්ව යන්න යැයි උපදෙස් දුන්නා. මේ වනවිට යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සහන කණ්ඩායම් ගංවතුර ඇතිවන ප්‍රදේශවලට පිටත්කර යවා තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන් හැකිතාක් ආරක්ෂිත ස්ථානවලට වී සිටින්න කියා. නාය යාම් අනතුරු සහිත ස්ථානවලිනුත් ඉවත් වීමට උපපදෙස් දුන්නා. අනවශ්‍ය පරිදි ජලයේ බැස යාම, ඔරු පාරු පැදීම වැනි දේ ඉතාමත් භයානකයි.”

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මෙවැනි මරණ වළක්වාගැනීමට සියලු දෙනා වගබලා ගත යුතු බවයි.

ගංවතුර හේතුවෙන් උස් බිම්වල කොටු වී සිටින ජනතාවට සහන සේවා සැපයීම් කටයුතු ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල මැදිහත්වීමෙන් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!