spot_img
spot_imgspot_img

කොරෝනා මළ සිරුරු කර ගහන විශේෂඥ වෛද්‍යවරයා

පුවත්

විදෙස්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ සේවක සේවිකාවන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙක් මේ වනවීට නිවෙස්වල ම නිරෝධායනයට යොමුකර සිටිති.

මේ හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුරු විච්ඡේදනය කිරීම ඇතුළු බොහෝ කාර්යයන් සඳහා ප්‍රමාණවත් සේවක සංඛයාවක් නොමැත. එහි සේවය කරන වෛද්‍යවරු පවා තමන්ට අයත් නොවන කාර්යයන් පවා ඉටු කරමින් අධිකරණ අංශයට ලැබෙන මෘත දේහ හැකි ඉක්මණින් කොරෝනා සඳහා පරීක්ෂා කිරීම් සහ ඒවා නිදහස් කිරීම් ද සිදුකරයි.

මේ අතර රුහුණ විශ්වවිද්‍යාලයේ ‌වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ හිටපු අංශාධිපති හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා අද (13) තම රාජකාරී අතරතුර කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් සිදුකරන කාර්යයන්හි නිරත වූ ආකාරය මෙම ඡායාරූපයේ දැක්වේ.

කොළ පැහැති ඇඳුමකින් සැරසී සිටින වෛද්‍යවරයා කොරෝනා මළ සිරුරක් ආදාහනය කිරීම සඳහා ගෙන යාමට එය ගිලන්රථයකට පටවන ආකාරය මෙහි දැක්වේ. කොරෝනා ආසාදිත මේ මළ සිරුරු හැකි ඉක්මණින් ආදාහනය කිරීමට අවශ්‍ය බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු මේ ආකාරයෙන් කටයුතු කරති.

ඔහු ඉටු කළේ තමන්ට අයත් රාජකාරියක් නොව මනුෂ්‍යත්ව වෙනුවෙන් කළ යුතු කාර්යයකි.

4 COMMENTS

  1. මෙම යූ සී පී පෙරේරා වෛද්‍යාචාර්්‍ය තුමා ඉතාමත් ලෙන්ගතු වෛද්‍යවරයෙක්. ඉතාමත් මානුශීය හැඟීම් වලින් පරිපූර්ණ වූ වෛද්‍යවරයෙක්. එතුමා පිලිබඳව ගුන ගැයීමට ඕනෑ තරම් කරුණු කාරනා තියෙනවා.එවන් වෛද්‍ය උතුමන්ලා මෙවැනි ව්‍යසන තත්වයන්වලදී අප සමාජයට වාසනාවන්. අසරන ජනතාව වෙනුවෙන් සේවය සැලසීමට ඔබ තුමාට ශක්තිය ධෙර්්‍ය වීර්්‍ය ලැබේවා , එතුමා මෙලොවට බිහි කල දෙමාපියන්ටත් අනේක වාරයක් ස්තුති වන්ත වේවා.

  2. මෙතුමා කවදත් තනතුරෙන් කිසිදින උදම් නොවෙමින් සමාජයට අවැසි මෙහෙවර ඉටුකරන ඉතාමත් නිහතමානී වෛද්‍යවරයෙක්. Respect you sir

  3. බෝධිසත්ව චරිතයක්.

    විශාල පින්කමක්.

    මේ පිංකමේ ආනිසංස ඔබතුමාට මේ භවයේදී මෙන්ම මතු භවයේදී ලැබේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!